🍂 08 Chapter 🍂

817 158 6
                                    

A new day, a new beginning, in my life as well as in yours .. but I ... this is my beginning ... the first step in my whole life ..........

.........................................................................

Next day morning ...

උදෙන්ම යීබෝ ගාගාලාගෙ වාහන වගයක් ආවා මාව එක්කන් යන්න.. උදේ 10ට චාරිත්‍ර පටන් ගන්නවා. ඇදුම් අදින  වැඩ නිසා මට පාන්දරම යන්න උනා.. මගේ බොරු මමා , පපා.. මිස්ටර් ෂියාවෝ ෂැන්ග් හන් එයාගෙ වයිෆ් ෂියාවෝ යැංසි එයාලගෙ රංගනය පටන් ගත්තා. සංවේදි දෙමාපියන් වගේ රගපානව. මාත් ඒකට හවුල් උනේ මට ගාගා ගාවට යනකන්වත් ප්‍රශ්නයක් නොවී ඉන්න ඕනි නිසා. ගාගාගෙ බොඩිගාර්ඩ්ලා මන් ගාව නිසා එයාල වැඩිය මන් ලගට ආවෙ නෑ. එයල බිස්නස්මන් ලත් එක්ක කතාවට ගියා. මන් ඊයෙ ගාගා එක්ක ගත්ත ෆුල් සූට් එක ඇන්දම මේකප් ආටිස්ට් කෙනෙක් මාව මේකප් කරල ජුවලරීස් වගේකුත් දැම්ම. මන් බලන් හිටියෙ මන් කලින් මෙහෙම ලෑස්ති වෙලා නැති නිසා.

අද ඉදන් මන් අලුත් ජීවිතයක් පටන් ගන්නව. මගෙ පරන ජීවිතේ මන් අතාරිනවා. තව දුරටත් මන් සීන් ෂියාවෝ ජාන් නෙමේ වැන්ග් ෂියාවෝ ජාන්. මට දුක නෑ මගෙ නම නැති වෙන එකට. මොකද මේ වෙනකන් මගෙ නම මට විනාසයක් උනා විතරයි. තව දුරටත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. ඉතින් අද ඉදන් ගාගාගේ  පවුල මගෙත් පවුල. ගාගා අපායට ගියත් මාත් ගාගා එක්ක යනවා. අවුරුදු ගානක මගේ පලවෙනි ඒක පාර්ශවික ආදරේ අද ඉදන් මගෙ වෙනවා.

මන් තව දුරටත් අර ගෙදර හිරකාරයෙක් නෙමේ. මන් බෝබෝගේ බනී. අද ඉදන් මන් නිදහස්. මට බයයි..එත් මන් දැන් සතුටු වෙනවා..

මමා පපා..ඔය දෙන්න හිටිය නම් මේ වෙලාවෙ මන් ලග 🥺.. මන් හිතනවා ගාගා මට ඔයාලා වගේම ආදරේ කරයි කියල. මට ඒක දැනෙනවා.. මට මේ දේවල් වලට හුරු වෙන්න කාලයක් යයි ඒත් මන් හෙමින් පුරුදු වෙන්නම් මමා.. ටික කාලයක් ගියාම මන් යීබෝ ගාගාට ඔයාල ගැන , මන් ගැන මන් කියන්නම් මමා පපා..

Mr. ශියාවෝ ෂැන්ග් හන් මට රවල මගෙ අත එයාගෙ අත උඩින් දාන් අල්තාරය ගාවට එක්කන් ගියා. කට්ටිය ගොඩක් හිටියා වගෙම එ  හැමෝම මන් දිහා බලන් හිටියෙ. ඒත් මගේ ඇස් තිබුනේ මගේ යීබෝ ගාගා දිහාවට.

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now