🍂 07 Chapter 🍂

794 164 7
                                    

How short is it that some coincidences are finally going to be the most important things in our lives?

.........................................................................

🦁 ජාන් ඔයා කැමති ඇදුම් මේකෙ බලන්නකො හ්ම්? මාත් ඇදුම් ටිකක් තෝරන්නම්. ඔයාට කැමති තරමක් තෝර ගන්න හොදද?

🐰 ඒත් ගාගා මට මොකටද? ඔයා ඇදුම් ගන්න මට ඕනි නෑ..
ඇත්තටම මට ඇදුම් නැති උනත් මට ඕනි නෑ ගාගාගෙන් ඇදුම් ගන්න. ඒක මගෙ හිතට හරි නැ...😔

🦁 මේ අහන්නකො ජාන් ඔයා ඇදුම් ගන්න ඔනි හරිද? හෙට ඉදන් ඔයා මගෙනෙ. හෙට ඉදන් හැමදාටම ඔයා ඉන්නෙ මන් ගාව. ඉතින් මන් කැමති මගෙ හබීට ඇදුම් අරන් දෙන්න තේරුනාද?
ඔයා අපෙ දිහා එනකොට ඔයාගෙ එක ඇදුමක්වත් ගන්න එපා හොදද. ඔයා අපෙ දිහා ආවම අදින්න ඕනි මාත් එක්ක ගත්ත ඇදුම්. හැමදේම අලුතෙන් . මන් දන්නවා ඔයාලටත් ඕනි තරම් සල්ලි තියනවා කියල ඒත් මට ඕනි මගේ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් වෙන් කරන්න.

🐰 ගාගා ඒම කීවම මට කියාගන්න දෙයක් නැති උනා. ගාගා ඔයා දන්නෙ නෑනෙ මන් අතේ සතේ නැති කෙනෙක් කියල. ඇත්තටම මට එයා ගාවට ගියාම අදින්න පිළිවෙළ ඇදුමක් කොහෙත්ම නෑ. අද ඇදන් එන්නත් මන් පරිස්සම් කරපු එකම ඇදුම මන් ඇදන් ආවෙ.

ඉතින් මන් මොනා කියන්නද. මන් ඔහෙ ඔලුව හෙල්ලුවා. ඒත් මට ඇදුම් ගන්න කිසිම සතුටක් දැනුනෙ නෑ.. ගාගාට ඒක දැනිල වෙන්න ඇති ටික්කින් මගෙ අතින් අල්ලන් ගිහින් එක එක ඇදුම් මට තිය තියා බලනවා. මන් එයා කියන එක්කට හොදයි නරකයි කිය කියා හිටිය. එයා තෝරනකන් මන් හිටිය.
ටිකකින් එයා ඇදුම් මහා ගොඩක් ගෙනත් මට එව්වා ෆිටෝන් කරල බලන්න කීවා.

🐰 ගාගා මේ ඔක්කොම බලන්න කියලද කියන්නෙ? අනේ මෙච්චර ගොඩක්?

🦁 ඔව්. මේ ඔක්කොම 😌

🐰 ගාගා අත් දෙකත් බැදන් කියනකොට මට තේරුනා මේ ඔක්කොම මාරු කරන්න වෙනව කියල. මන් ගිහින් එකක් මරු කරන් එළියට ආවා..

🦁වාව් බනී මේක ඔයාට නම මාර ලස්සනයි .. ඒක හොදයි. හා කෝ යන්න අනිත්වා ඇදන් එන්න..

🐰 ගාගා මගෙ පොටෝ එකක් ගහ ගත්ත. ඕම ඕම ටිකක් අදිනකොට සමහර එව්වගෙ පොටෝ ගත්ත . 10ක් විතර ඇන්දම ඇති කියල හෙන ඇදුම් තොගයක් ගත්තා. එව්ව ඔක්කොම එතන හිටිය කෙනෙක්ට පෙන්නලා ගාගා ආයෙත් මගේ අතින් අල්ලන් තවත් ෆ්ලෝ එකකට ගියා.

Endless Love    ( Yizhan )  Complete Onde as histórias ganham vida. Descobre agora