🍂 16 Chapter 🍂

683 122 5
                                    

My love is purely yours, I love you with all my soul, and my heart beats for you. I will love you till the end of time.

.........................................................................

🐰 උදේ ඇහැරෙද්දි මන් හිටියෙ බෝගෙ පපුව උඩ.. මගෙ ඇග චුට්ටක් විතර රිදෙනවා. ☺️ ඒත් ලොකු ගානක් නැ . ආහ් අපි දෙන්නගෙම ඇගේ ඇදුම් තියනවනෙ . සමහරවිට එයා මාව වොශ් කරන්න ඇති. ඒත් එක්කම වගේ මට බෝබෝ හෙලවෙනවා වගේ දැනුන. ඊයෙ රෑ උන දේවල් මතක් වෙලා මට ලැජ්ජා හිතිලා මන් තවත් මූන බෝබෝගෙ පපුවට තද කර ගත්තා. ඒ වගෙම මට ගොඩක් සතුටුයි. මන් ඊයෙ රෑ බෝගෙම උන හින්දා.

🦁 බනී .. ඔයා නැගිට්ටද බබා?

🐰 ම්ම්ම්ම්ම්ම්..🤭

🦁 අයිගෝ ඇයි මේ ලැජ්ජා වෙලා? 😂

🐰 අනී බෝබෝ..

🦁 බනී අනේ මට සමා වෙන්න ..

🐰 බෝ එහෙම කියනවත් එක්කම මන් ඔලුව උස්සලා එයා දිහා බලනකොට එයා ඇස්වල කදුලුත් පුරවන් මන් දිහා බලාන හිටියා.ඇයි එයා සමාව ඉල්ලනෙ මගෙන්? මන් එයාගෙ කම්මුලකට අත තිබ්බා.

අනේ ඇයි බෝබෝ ඇයි මේ? 🥺

🦁 මන් ඔයාට ගොඩක් රිද්දුවා නේද බබා? ඔයා ෆේන්ට් උනාම මන් හොදටම බය උනා. අනේ මට සමා...

🐰 ෂූ... නෑ බෝබෝ.. එහෙම නෑ ඔයා මට පොඩ්ඩක්වත් රිද්දුවෙ නැ. දන්නවද මන් ඊයෙ රෑට ගොඩක් ආදරෙයි. මන් ඔයාගෙම උනා. මමයි දුර්වල. ඔයාට ඕනි සතුට මට හරියට දෙන්න බැරි වුනා..😔

🦁 එහෙම නැ බනී .. ඔයාට වගේම මටත් ඔයා එක්ක එ ගෙවපු හැම මොහොතම ගොඩක් වටිනවා මගෙ බනී. ඔයා තමා හොදම. මන් ඔයාට ගොඩාක් ආදරෙයි මගේ බනී.

🐰 බෝබෝ ආයෙම මාව සිප ගත්තා. ඒ කරලා මුළු මූනටම චූටි චූටි හාදු ගොඩාක් දීලා නළලටත් දීලා මාව ආයෙම තුරුලු කර ගත්තා.

බෝබෝ මේ ඇදුම් ඔයාද දැම්මෙ?

🦁 ආහ් ඔව් බනී. මන් ඔයාව වොශ් කරලා නිදා ගත්තෙ . ඔයාට සිහිය තිබුනෙ නෑ ඒ වෙනකොට.

🐰 ම්ම්ම් හරි බෝබෝ. අපි අද කොහෙද යන්නෙ?

🦁 අපි අද කොහෙවත් නොයා ඉමුද බනී?
ඔයාට ඇවිදින්න අමාරු වේවි.

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now