🍂 12 Chapter 🍂

710 136 5
                                    

Even if stranger I always want a little or a touch from you

........................................................................

හරිම ඉක්මනට උදේ වෙලා තිබුනා .. ජනේලෙ තිර රෙදි අස්සෙන් වැටෙන ලා එළිය අතරින් හෙමින් ඇස් ඇරලා මන් බැලුවෙ තමත් මාව බදාගෙන කකුළකුත් උඩින් දාන් ඉන්න බෝබෝ දිහා.. මන් ඒ මූන දිහාම බලන් හිටියා.. හරිම ලස්සනයි .. මන් ඔලුව උස්සලා බෝගෙ කම්මුලකට චූටි පේක් එකක් දුන්නා.

🦁 ම්ම්හුක්.. ඒක දැනුනෙවත් නෑනෙ බබා.
ඒක නම් හොදටම මදි.

🐰 ආහ් මෙන්න මෙයා ඇහැරලා ඉදල තියෙන්නෙ.. සැක් වස ලැජ්ජාව.

බෝබෝ ඇහැරලා ද හිටියෙ? හොද නෑ ඔයා..

🦁 අනෙ නෑ මන් ටිකකට කලින් ඇහැරුනෙ.. කෝ තව එකක් ඕනි..

🐰 ඒ පාර බෝබෝ ඇස් දෙකත් පියාන මූනත් මගෙ පැත්තට දික් කරන ගමන් මගෙන් තවත් පේක් එකක් ඉල්ලන්න පටන් ගත්තා... මං ලැජ්ජවටම බෝගෙ පපුව අස්සෙ මූන හංග ගෙන ඔලුව හෙල්ලුවේ බෑ කියන්න.

🦁 ආහා එහෙම බෑනෙ. බගෙට දීලා හරියන්නේ නෑනෙ මගෙ හබී.. ඔන්න ඔය දුන්නෙ නැත්තන් මන්ම දෙනවා හරිද?

🐰 මන් තවත් ටිකක් මූන අස්සට ගහ ගත්තා..

🦁 හරි ඉන්නකො එහෙනම්

🐰 ඒත් එක්කම වගේ එහෙම කියපු බෝබෝ මාව ඈත් කරලා ඊයෙ රෑ වගේම මගෙ උඩට ඇවිත් මගෙ මුළු මූනම ඉඹින්න ගත්තා. මට හොදටම කිති.. හිනාව නවත්තා ගන්නත් බැ..

🦁 මන් බනීව යට කරන් මුළු මූනම ඉඹින්න ගත්තා. එයා පොඩි ළමයෙක් වගේ හිනා වෙන්නෙ. ඇස් දෙක හිනාව නිසාම හීනි වෙලා. මන් ටිකක් නවත්තලා ඒ මූන දිහා බලන් හිටියෙ හරිම ආසාවෙන්.
එයා හුස්ම ගත්ත ගමන් මන් ඒ තොල්වලට නැමුනා.. ඒවා හරිම සොෆ්ට්. හරියට මාස්මෙලෝස් වගෙ. ගොඩක් වෙලා මන් මගෙ බනීව කිස් කරා.
එයාට හුස්ම ගන්න අමරු උනාම නවත්තලා පැත්තකට වෙලා ආයෙම බදාගෙන මන් ඇස් දෙක පියා ගත්තෙ නැගිටින්න තිබ්බ කම්මැලිකමට.

🐰 බෝබෝ මාව කිස් කරලා ආයෙම නිදා ගන්න හදන්නෙ. හරිම කම්මැලී වගෙ. දැන් දවල්ටත් කිට්ටු ඇති. මේම ඉදල බෑනෙ.
බෝබෝ නැගිටින්නකෝ. දැන් දවල්ටත් ලග ඇති. ඉන්නකො අනෙ මෙ කකුල ගන්නකො.

Endless Love    ( Yizhan )  Complete Where stories live. Discover now