Chapter 03

1K 227 20
                                    

Dark Nebrus
Wolf kingdom

Jungkook pov

මායි චිමියයි හිටියේ කෑම මේසේට වෙලා ඔම්මායි අප්පායි සූ ඔම්මායි එනකන්..

ආහ් චිමි කියන්නේ මගේ ජිමිනි හියුන්ට.. හැමතිස්සෙම ජිමිනි හියුන් ජිමිනි හියුන් කියන්න කම්මැලිකමට මම පොඩි කාලේ ඉදන්ම චිමී කියලා කතා කරන්න පුරුදු උනා.. අනික ජිමිනි හියුනුත් එයාට චිමී කියලා කතා කරනවාට ආසයි.. ඉතින් මගේ ඔම්මායි අප්පායි සූ ඔම්මායිත් ජිමිනි හියුන්ට කතා කරන්නේ චිමී කියලා..

එදා වගේ සූ ඔම්මාට තරහා ගියාම නම් ඔන්න චිමී කියන හුරතල් නම සූ ඔම්මාටත් අමතක වෙනවා. ඒ වෙලාවට චිමී නිකන්ම  ජිමින් වෙනවා.. 😂

එතකොට මට නම් චිමී කුකී කියලා තමා කතා කරන්නේ.. ඒත් මගේ ඔම්මාටයි අප්පාටයි සූ ඔම්මාටයි නම් මම බනී.. එයාලට අනුව මම හාවෙක් වෙන්න ගිහින් වැරදිලා ඇල්ෆා කෙනෙක් උන කොල්ලෙක්ලු.. 😒

හරි හිනා.. හහ්.. හාවා.. මාව හාවෙක්ට සමාන කරන්න පුලුවන්ද.. හුම්.. එයාලා දන්නෑ මේ කුකීට තරහා ගියාම හාවෙක් මරන් කන එකත් මහ දෙයක් නෙමේ කියලා..හුම්.. මම හෙන දරුනුයි හොදේ මේම හිටියට ..

" හේයි යොන්ජුනා.. මොකෝ පරක්කු.. "

චිමී කිව්වේ යොන්ජුන් එහෙම නැත්නම් මගේ කිබුල් මල්ලි ඩයිනින් ටේබල් එක ඇවිත් ඉදගද්දි.. කොල්ලාගේ මූන නම් ඒතරම් හොද නෑ වගේ.. තරහා ගිහින් මූනත් එක්ක රතු වෙලා.

" යාහ්.. යොන්ජුනා.. මොකෝ බන් මේ.. බීටෲට් අලයක් වගේ රතුවෙලා.. හිනා යනෝ ඕයි.. ජෝකර් කෙනෙක් වගේ.. ඇයි මොකෝ ඔයා අර පස්සෙන් පන්නන ඔමේගා නංගි එයාගේ මේට්වත් හොයාගෙනද? "

යොන්ජුනාව ටිකක් අවුස්සන්න හිතන්මයි මම එහෙම ඇහුවේ.. හෙහ්.. මගේ කිබුල් මල්ලිව අවුස්සනවා තරම් සතුටක් මට නම් මේ ලෝකේ නෑ අයියො.

" හියුන්.. මේ.. කිව්වා කියලා හිතාගනින්.. #$% "

මටත් රවලා මූ කිව්ව වචන ටික.. සැක් මේකා.. කොහෙන් ඉගෙන ගන්නවද මන්දා..

" හ්ම් හ්ම්.. රන්ඩු ඇති.. යොන්ජුන් මොකෝ උනේ කියනවකෝ.. "

චිමියා මටත් ඔරෝගෙන යොන්ජුනාගේ කරට අත දාගත්තා..

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now