Chapter 33

775 179 67
                                    

" අංක 3.. ලමයි කාගෙ ගාවද නම්බර් 3 තියෙන්නේ  "

රූමින් ජිමින් දෙන්නා ගාව වාඩි වෙලා හිටපු ටේකුක් ඩබල මිස් ලීසාගේ කතාව ඇහෙනවාත් එක්කම නැගිටලා ලීසා ගාවට ගියේ එයාලගේ තරගය මොකක්ද කියලා දැනගන්න.. ජිමින් රූමින් දෙන්නත් කොච්චර මහන්සි උනත් මහන්සිය පැත්තකට දාලා ටේකුක් දෙන්නා පස්සෙන් ආවේ ඒ දෙන්නාගේ තරගය බලන්න තිබ්බ උවමනාවට.. සෝප් ඩබල රූමින් ජිමින්ව පරිස්සමින් එක්කගෙන මිස් ලීසායි ටේකුකීයි හිටපු තැනට ගියා..

" හොදයි ටේහ්‍යුන්ග් .. ජන්ග්කුක්.. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා මැජික් ආධාරයෙන් මවපු සත්තු දෙන්නෙක්ගේ සටනක්.. ම්ම්.. උදාහරනයක් විදියට අපි ගමු.. අහ් ටේහ්‍යුන්ග් ඔයා හිතන්න ඔයා කොටියෙක් මැව්වා කියලා.. එතකොට ජන්ග්කුක් සිංහයෙක් මැව්වා.. එතකොට ඔය දෙන්නට කරන්න තියෙන්නේ ඒ සිංහයා අතරයි කොටිය අතරයි සටනක් තියන්න..  ඔයාලගේ මැජික් බලයෙන් තමා ඒ සතාව පාලනය කරන්න ඕනේ තේරුනාද . "

" ඔව් මිස් ලීසා.. "

ටේ කුකී දිහා බලන් කට කොනකින් හිනාවක් දාන් කියද්දි කුකී දත් තිස් දෙකම පෙන්නලා ඊ ගාලා හිනා වුනා..

ඊටපස්සේ දෙන්නවම මිස් ලීසා මැජික් බලෙන් ඇන්ද ටිකක් ලොකු රවුමක් අතුලට දැම්මා..

" හොදයි ලමයි.. ඔයාලා දෙන්නට ඔය රවුමෙන් එලියට එන්න බෑ.. ඔයාලා කොහොමහරි ඔයාලා මවන සත්තු දෙන්නාව පානය කරගන්න ඕනේ.. තේරුනාද.. මේ කාටවත් කරදරයක් වෙන්න බෑ. "

මිස් ලීසා අවවාදාත්මක හඩකින් කියද්දි ටේකුකී දෙන්නා රොබෝලා වගේ ඔලුව වැනුවේ කියපු දේ තේරුනා කියලා අගවන්න.

" කූ මැනික.. අද තමා ඔයා මේ ටේටේගේ වැඩ කෑලි ටික දකින්නේ හොදේ . "

කුකී ගාවට ආපු ටේ කට කොනින් හිනා වෙලා කුකීට කියද්දි කුකීත් ඒ හා සමානව මහ නෝන්ජල් හිනාවක් දාලා ටේගේ කනට ලං වුනා..

" හ්ම්.. අපි බලමුකෝ ටේටේ.. ඔයාත් තාම මේ ඇල්ෆාව දන්නෑ.. ඔයා දන්නේ කුකීව විතරයි.. කුකීට වඩා ඇල්ෆා ගොඩක් ශක්තිමත් .. "

ඊටපස්සේ දෙන්නම ගියේ වලල්ලේ දෙපැත්තට..

ටේ කුකීගේ මූන දිහා බලාගෙනම ලාවට හිනා වෙන ගමන් එයාගේ කලුපාට මායා යශ්ටියට මතුරන්න ගත්තා...

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now