Chapter 41

630 141 31
                                    

ලීසා අපිට ප්‍රශ්නයක් ...

රෝස් ජිමින් රූමින් දෙන්නත් එක්කම දුවන් ඇවිත් හතිදාන ගමන් කිව්වා..

" ඇ..ඇයි ඒන්ජල් රෝස්.. මොකක්ද උනේ.. මොකක්ද ප්‍රශ්නේ ?? "

ලීසා රෝස්ගෙ බය වුන මූන දිහා බලන් ඇහුවේ මොකක්ම හරි අවුලක් කියන දේ සීයට සීයක්ම විශ්වාස නිසා

" ලීසා.. මේ ජින්ගෙ මැජික් ස්ටික් එක.. "

" ඇයි මොනාද.. මොකද වෙලා තියෙන්නේ රෝස්.... "

" අපි මෙහෙට බඩු ගේද්දි ජින්ගේ මැජික් ස්ටික් එක ගෙනත් නෑ රෝස්.. ඒක ජින්ගේ රූම් එකේ තිබිලා නෑ.. ඒ නිසා හැමෝම හිතලා තියෙන්නේ ඒක ඇත්තේ ජින් ගාව කියලා.. ඒත් දැන් රූමින් කියනවා ජින් අද ආපු වෙලේ එයාට ජින්ගේ ස්ටික් එක දුන්නාලු ආපහු මෙඩිකල් යුනිට් එකට යනකන් පරිස්සමට තියාගන්න කියලා. ඉතින් රූමින් ඒක එයාගේ ඇද යට තියෙන ලොකර් එකක හන්ගලා.. ඉතින් අපි හදිස්සියේ ආපු නිසා රූමින්ට ඒක ගේන්න අමතක වෙල.. "

" ලමයි.. ඔය හතර දෙනාම දැන් පරිවර්තනය වෙන්න.. අර අතන ලොකු බෙඩ්ශීට් තියෙනවා.. ඒවා පොරෝගන්න.. ජිමින් මෙයාලට ටිකක් උදව් කරන්නකෝ.. "

මිස් ලීසා ගහක අත්තක එල්ලපු බෙඩ්ශීට් එක පෙන්නල කුකීටයි යොන්ජුන්ටයි ටේටයි නාම්ජූන්යි පරිවර්තනය වෙන්න කිව්වේ මැජික් ස්ටික් එකක් නැති වෙන එක ටිකක් භයානක නිසා.. 

ටිකකින් ජිමින්ගේ උදව්වෙන් බෙඩ්ශීට් එකත් ඔතාගත්ත කුකීලා මිස් ලීසා ගාවට ආවේ මනුස්සයෙක් විදියට පරිවර්තනය වෙල..

" කුකී.. මොකක්ද මේ මිස් රෝස් කියන්නේ... "

" අනේ මන්දා ටේ.. අහගන්නකෝ. "

ටේකුකී දෙන්නත් ලීසාගෙයි රෝස්ගෙයි කතාවට අවදානය දෙන්න ගත්තා..

" ලීසා.. අපි දැන් මොකද කරන්නේ.. අපිට ඩාක් ලෝඩ් අන කරලා තියෙන්නේ මේ භූගත කුටිවලින් එලියට යන්න එපා කියල.. "

" ඒත් රෝස් මේ නැති වෙලා තියෙන්නේ නිකන්ම නිකන් කෝට්ටක් නෙමේනේ.. මැජික් යශ්ටියක් .. ඔයා දන්නවානේ ජින්ට වෙන මැජික් යශ්ටියක් හම්බෙන්නෙ නෑ කියලා.. ජීවිත කාලයටම එක යශ්ටයක් විතරයි ඕනෙම කෙනෙක්ට අයිති වෙන්නේ.. අනික යශ්ටිය වැරදි කෙනෙක් අතට ගියොත් ජින්ගේ ජීවිතෙත් අනතුරේ.. "

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now