Chapter 14

891 187 46
                                    

කුකී ජිමින් රූමින් එක්ක එයාලගේ නේවාසිකාගාර ශාලාවට ගියාම එයාලගේ හවුස් එක බාරව හිටියේ ඒන්ජල් රෝස්.. හැමෝම ශාලාවට එනකන් ඉදපු රෝස් එයාගේ කතාව පටන් ගත්තා..

" අන්‍යොන්ග්හසේයො.. මම ඒන්ජල් රෝස්.. මම තමා ඔයාලගේ හවුස් එක භාර ටීචර්.. ඉතින් හැමෝම මාත් එක්ක සමගියෙන් වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා..

ඒන්ජල් රෝස් එහෙම කියලා එයාගේ ලස්සන හිනාව දාලා අපි හැමෝටම ආචාර කලා.. ඊටපස්සේ අපිට යන්න ඕනේ තැන් පෙන්නලා ඒන්ජල් රෝස් පිටවෙලා ගියේ එයාගේ රූම් එකට..

" චිමී හියුන්.. අපි දැන් කොහෙටද යන්නේ.. "

" අනේ මන්දා කුකී.. මට තේරුනේ නෑ .. "

කුකීටයි ජිමින්‍ටයි දෙන්නටම ඒන්ජල් රෝස් කිව්ව කිසි දෙයක් මතක නෑ.. ඔව්.. ඉතින් මතක තියෙන්නත් මේ ලෝකේ ඉන්නෙපැයි.. දෙන්නම හිටියේ දෙන්නාගේ ෆෝන්දෙක ඔබ ඔබ වෙනම ලෝකෙක.

" මෙහෙ එන්න චිම්.. අපි යන්න ඕනේ මේ පඩිපෙලෙන් උඩට.. "

රූමින් කිව්වේ ලොකු රවුමට හදලා තිබ්බ පඩිපෙලක් පෙන්නන්න ගමන්..

" දෙයියනේ..  රූමින් ආ යූ කිඩින්ග් මී.. ඔයා කියන්නේ මේ ගිරිදඹේ වගේ තියෙන පඩිපෙක අපි නගින්න ඕනේ කියලද. "

ජන්ගුක් ඇස් දෙකත් ලොකු කරන් අහද්දි රූමින් හිනා වෙලා ඔලුව වැනුව..

ඒ අතරේ ජන්ග්කුක් ජිමින් දෙන්නා මූනට මූන බලාගත්තේ මේ පඩිපෙල කොහොම නගින්නද කියලා හිතන ගමන්..

" අයියෝ.. මෙහෙ එන්න අප්ප.. ඔයාලා දෙන්නා පොඩි ලමයි වගේනේ..මේ ප්ඩිපෙල නගින්න මහ අමාරුවක් නෑ අනේ.. බලන්න මම කෙල්ලෙක් වෙලත් ඔයාලා වාඒ නහයෙන් අඩන්නෑනේ.. "

රූමින් කොල්ලො දෙන්නටම බැනලා ඒ දෙන්නාගේ අත්වලින් ඇදන් පඩිපෙක දිගේ නගින්න ගත්තේ ජීකුක් දෙන්නා අනේ සංසාරේ කියන බැල්මකින් බිම බලන් යද්දි..

අන්තිමේ පඩිපෙල නැගලා ඇවිත් තුන්දෙනාම ඇවිල්ලා නැවතුනේ ක්‍රොයිඩො එකක.. ඒ ක්‍රොයිඩෝ එක දෙපැත්තෙන්ම රතු පාට තීන්ත ගාපු දොරවල් 6ක් තිබ්බා..

" ම්.. මේ අපේ රූම්ස් වගේ.. "

" එන්න යමු.. "

ජිමින් කියන්න ගියපු එක කියන්න නොදි රූමින් ආපහු ජිමින්ගෙයි කුකීගෙයි අතෙන් ඇදන් මුලින්ම හම්බුන දොරෙන් ඇතුලට ගියා..

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now