Chapter 05

1K 227 42
                                    

Sky High School

Taehyung pov

උදේ පාන්දරම මම යන්න බෑ කියද්දි ඔම්මා මාවයි හියුන්වයි ඇදගෙන ඇවිත් මාලිගාවෙන් එලියට දාලා ගේට් එක වැහුවා. ඉතින් මොනා කරන්නද මායි හියුනුයි අර ජරා ස්කූල් එකට ආවා..

නම නම් ලස්සනයි හැබයි.. sky high school.. ම්ම්.. ඉන්ටරෙස්ටින්ග්.. හිහ්.. මුලු ස්කූල් එක වටේම යෝධ තාප්පයක් .. ඒ මදිවට අයිවි වැල් හැදිලා තාප්පෙ පුරාම.. හැබැයි එක අතකට ඒ අයිවි වැල් තියෙන එකත් හොදයි.. එතකොට තාප්පේ දිගේ බඩගාලා ස්කූල් එකෙන් පනින එක මහ කජ්ජක් නෙමේනේ..

අහ් දැන් ඔයාලා බලනෝ ඇතිනේ මම වැම්පියෙක් වෙලත් තාප්ප දිගේ බඩ ගගා ඉන්නේ ඇයි කියලා. ඇත්ත මට ලේසියෙන්ම මාලිගාවට ටෙලිපෝට් වෙන්න පුලුවන්.. හැබැයි ඉතින් ඊටපස්සේ පැය තුන හතරක් යනකන් ඇගට පන නෑ වගේ තියෙයි.. ඒත් මොකෝ ගෙදර යන්න පුලුවන් නම්.. එහෙමත් නැත්නම් මට වවුලෙක් වෙලා යන්නත් පුලුවන්..

ඒත් ඉතින් මේ ස්කූල් එකේදි ඕක කරන්න බෑනේ.. ඩාර්ක් ඩ්‍රැගන් අපි ගැන නම් හොදට දන්නවා වගේ.. එයා ස්කූල් එක හදද්දිම ස්කූල් එක වටේ මායා වලල්ලක් හදල.. ඉතින් ස්කූල් එකෙන් පිටවෙනවා නම් සාමාන්‍ය මනුස්සයෙක් වගේ යන්න ඕනේ.. ස්කූල් එකට ඇතුල් වෙද්දිත් එහෙමයි.

" ම්ම්.. හියුන්.. මොකක්ද අනේ ඒ සුවද.. ම්ම්.. 😋 "

ස්කූල් එකෙන් ඇතුල් වෙද්දිම වගේ මගේ නහයට දැනුනු සුවද නිසා ඉබේම මගේ රදනක දත් දෙක උල් වෙලා දිව එලියට ආවා. ඇස් දෙකත් රතු පාටින් දිලිසෙනවා ඇති කියලා මට හිතුනේ මෙච්චර වෙලා තිබ්බ පෙනීම නැති වෙලා බ්ලැක් ඇන්ඩ් වයිට් තියුනු පෙනුමක් ලැබුන නිසා..

අපි වැම්පයර්ස්ලා උනාම අපිට සාමාන්‍ය පෙනීම නෙමේ තියෙන්නේ.. ගොඩක් තියුනු හැතැප්ම ගානක් පැහැදිලිව බලාගන්න පුලුවන් පෙනීමක්.. බට් බ්ලැක් ඇන්ඩ් වයිට් විතරයි ඒ වෙලේට අපිට පේන්නේ..

" ම්ම්.. ටේහ්‍යුන්ගා ඒක නම්.. 😋😋 ආයිශ්..කන්ට්‍රෝල් යුවර් සෙල්ෆ් නාම්ජූන්.. යූ කාන්ට්.. ආහ් ආයිශ්.. "

මට ඇහුනා හියුන් මුමුනනවා.. කොල්ලා ඇස් දෙකත් තද කරගෙන අත් දෙකත් මිට මොලවගෙන එයාව පාලනය කරගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා..

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now