Chapter 39

679 144 29
                                    

හොබී එයාගේ ගිනි මකර පැටියාව රූමින් එක්ක හුරතල් කරන අතරේ ජිමින් බලන් හිටියේ එයාගේ බ්ලූබෙරි බේබී නීල මකරා එක්ක සෙල්ලම් කරන දිහා.

යූංගි පොඩි බබෙක් වගේ හිනා වෙවී නීල මකර පැටියාගේ බෙල්ල බදාගෙන ඒ සිනිදු කොරපොතු පිරිච්ච පිට අතගානවා.. නීල මකර පැටියා උන හෝලිත් හරි සනීපෙට එයාගේ දිග නැට්ට පද්ද පද්ද දිවත් එලියට දාගෙන යූංගිව ලෙවකනවා..

" මොකෝ බ්‍රෝ.. මේට්ව ගිලින්න ඕන වෙලාද.. "

ටේ කුකීවත් බදාගෙනම ඇවිත් ජිමින්ගේ එහා පැත්තෙන් හිටගන්න ගමන් අහද්දි ජිමින් ටිකක් ඔරෝලා ටේ දිහා බැලුවේ එයාගේයි යූංගිගෙයි හීන ලෝකේ කඩාකප්පල් කරපු නිසා.. ඔව් ඔව්.. මේ ජිමිනා යූංගි දිහා බලබල යූංගි බබා එක්ක හීන ලෝකේ මල් කඩන ගමන් හිටියේ..

" අනේ පලයන් කුනුලේකාරයෝ.. "

" වාව්.. අනේ එයාලා හරි කියුට් නේ.. "

කුකී ඒ මකර පැටව් දිහා දිලිසෙන ඇස්වලින් බලන් කියද්දි එතනට ආවේ මිස් ලීසා.

" අහ්ම්.. අහ්ම්.. "

ලීසාගේ පිටිපස්සෙන් ආපු රෝස් ටිකක් සද්දෙට උගුර පෑදුවේ ඒ දෙන්නා ආවාද කියලාවත් ගානක් නැතුව කියෝ කියෝ ඉන්න ටේමින්කුක් ත්‍රිබල දිහා බලගෙන..

" මිස් ලීසා.. මිස් රෝස්.. "

තුන්දෙනාම සීරුවෙන් හිටගෙන එකපාරම කිව්ව..

" කෝ ලමයි ඔයාලගේ මකරුන්ටත් එන්න කියන්නකෝ.. "

ලීසා කිව්වාම හිනා වුන ටේකුකී එක්ක ඒ හෝල් එක මැදට ගියා.. ගිහින් දෙන්නත් එක්ක ඇස් වහගෙන හිත එකග කරගත්තේ මකරු දෙන්නට කතා කරන්න..

ටිකකින් කුකී ගාවින් ලා නිල් ආලෝකයක් විහිදෙන්න ගනිද්දි ටේ ගාවින් රතු ආලෝකයක් විහිදුන්නේ මකරු දෙන්නා මේ දැන් පැමිනෙන බව අගවන්න..

ටේකුකී දෙන්නටම ගිය පාර තරම් මකරාට අඩගහන එක අමාරු උනේ නෑ.. මොකද මේ එයාලා මකරාට අඩගහන දෙවනි වතාව නිසා දෙන්නටම ටිකක් පුරුදුයි..

ටිකකින් හෝල් එකේ පැත්තකට වෙන්න ලොකු ගිනි රැස් විහිදුවන ගාම්භීර ලොකු මකරෙක් මතු වෙද්දි හෝල් එකේ අනිත් පැත්තෙන් මොංගල් පෙනුමක් තියෙන හිතුවක්කාර දගකර පෙනුමක් තියෙන ටිකක් පොඩි මකරෙක් මතු උනා..

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now