Chapter 35

822 164 62
                                    

ජන්ග්කුක් පැවිලියන් එකට යද්දි පිට්ටනිය මැද්දේ එයාගේ කියුට් නීල මකරාව දාලා ආවත් ටික වෙලාවකට පස්සේ කුකීව හොය හොය නීල මකරා පිස්සු නටන්න ගත්තා ...

හයියෙන් පිබ පිබ ඇස් ලොකු කරගෙන මූන පොඩි එකා වගේ අඩන්න ඔන්නමෙන්න කරගෙන තනි කකුලෙන් උඩ උඩ පැන පැන ක්‍රවුඩ් එක අස්සෙන් එබි එබි මකරා කුකීව හොයනවා.. කුකීගේ හෙවනැල්ලවත් හොයාගන්න බැරි උන මකරා මහ හයියෙන් බෙරිහන් දීලා කකුල් දෙක නවලා බිමින් ඉදගෙන අඩන්න ගත්තේ පැවිලියන් එකේ හිටපු හැමෝවම පුදුම කරමින්..

" හෑ... දෙයියනේ .. "

" අම්මෝ මුගේ පැනිල්ල නැවතුන එක නම් හොදා.. මම හිතුවේ භූමිකම්පාවක් එයි කියල.. "

" යකඩෝ අර මකරා අඩනෝ අන්න.. "

වටින් පිටින් ඔය වගේ කතා ඇහැද්දී කුකී දුවගෙන එයාගේ මකර යාලුවා ලගට යන්න ගියේ. ඒත්...

" ජන්ග්කුක් ඔහොම ඉන්න.. "

මෙච්චර වෙලා අවදානෙන් වුන හැමදේම බලාගෙන හිටපු ඩාක් ලෝඩ් කටහඩ අවදි කලේ ග්‍රවුන්ඩ් එකට දුවන්න ගිය කුකීවත් නවත්තන ගමන්..

" ඇයි.. සම්චුන්.. "

ජන්ග්කුක්ට කලබලේට එයා ඉන්නේ කොලේජ් එකේ ඩාක් ලෝඩ්ට සම්චුන් කියන්න බෑ කියන එකත් අමතක වෙලා සම්චුන් කියවුනේ එතන හිටපු හැමෝම කුකී දිහා බලන් ඉද්දි.... කුකීටත් තේරුනා එයා කරපු වැරැද්ද..

" ඔහ්.. අයි මීන්.. ඩාක් ලෝඩ්.. අනේ මියානේ ඩාක් ලෝඩ්.. මට චුට්ටක් පැටලුනා.. "

කුකී ඔලුවත් නමාගෙන ඇගිලි පටල පටල කියද්දි ඩාක් ලෝඩ් හිනා වෙලා කුකීගේ කොන්ඩේ ඇවිස්සුවා..

" ඒකට කමක් නෑ කුකී ඔයාට කැමති නම් මට සම්චුන් කියන්නකෝ.. මම කොහොමත් ඔයාගේ සම්චුන් තමයිනේ.. හැබැයි ඔයා මට සම්චුන් කියනවා නම් ඕන් මාත් ජන්ග්කුක් කිය කිය ඉන්නෑ.. කුකී කියලාම කියනවා.. "

ඩාක් ලෝඩ් හිනා වෙලා කියද්දි කුකී එයාගේ හුරතල් හා දත් සෙට් එක එලියට දාලා ඊ ගාලා හිනා උනා.. ඕක කුකීගේ එහා පැත්තේ ඉදන් බලන් හිටපු ටේට කුකීගේ ඒ හිනාව දැකලා නිකන් පිස්සු වගේ.. කොල්ලා එයාගේ අත මිටමොලවලා හපාගත්තේ කුකීගේ ඒ හිනාව ඒ කියුට් තොල් ඒ බර්ත්මාක් එක දැකලා තමන්ගේ හැගීම් ඇවිස්සෙන එක නවත්තගන්න..

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now