Chapter 16

878 201 39
                                    

පැයකට විතර පස්සේ කුකීට ටික ටික සිහිය ආවා.. කුකී හිමි හිමින් ඇස් ඇරපු ගමන් දැක්කේ එයාගේ චිමි හියුන්ව..

මේ වෙද්දි ජිමින් කුකීගේ ඇදුම් මාරු කරලා ඇග තවලා ඔලුවට ඕඩ්ක්ලෝන් ප්ලාස්ටර් එකකුත් දාලා හිටියේ..

කුකීගේ අතත් අල්ලගෙන අඩ අඩ එයා දිහා බලන් ඉන්න හියුන්ව දැක්කාම කුකීට ගොඩක් දුක හිතුනා.. ඉදිමුන මූනයි රතු වුන ඇසුයි රෝස බෝල කම්මුලුයි කිව්වේ ජිමින් ගොඩ වෙලාවක් අඩලා කියලා..

" හියුන්.. ජිමින් හියුන් .. "

කුකී හිමින් කතා කලේ එයා දිහා ගල් ගැහිලා වගේ බලන් හිටපු එයාගේ හියුන්ව මේ ලෝකෙට ගෙන්න ගන්න..

" කුකී.. අනේ මගේ කොල්ලා.. ඔයා හොදින්නේ.. කතා කරන්නකෝ.. අනේ හියුන්ව බය කරන්න එපා.. "

ජිමින් එක පාරටම අඩාගෙන කුකීව බදාගත්තා.. කුකීට සිහි නැති උන පාර ජිමින් ගොඩක් කලබල උනා.. ගොඩක් බය උනා. ඒකයි කුකීට සිහිය ආපු ගමන් ජිමින් කුකීවත් බදාගෙන අඩන්න ගත්තේ...

" අනී.. හියුන්.. උල්ජිමා..නා ක්වෙන්චනා .. මේ බලන්නකෝ.. "

" හ්ම්.. කුකී ඔයාට මොකක්ද එක පාරට උනේ.. අරූ ගහපු එකටද කුකි මෙහෙම උනේ.. මම ඕකාට.. "

ජිමින් තරහෙන් අත්මිට මොලවන් කෑගැහුවා.

" අනී හියුන්.. ඒ කුනුලේකාරයා නිසා නෙමේ මට මෙහෙම උනේ..අනේ මන්දා හියුන්. මටත් හිතාගන්න බෑ.. හරි අමුතුයි.. "

කුකී නූල් බෝලෙක පැටලිලා වගේ කියවගෙන යද්දි ජිමින් පුදුමෙන් එයාගේ මූන දිහා බලාගෙන හිටියා.

" මොකක්ද උනේ..? ඒ වැදුන පාර නිසා නෙමේ නම් ඇයි කුකී ඔලුව බදාගෙන කෙදිරි ගෑවේ.. අනික ඔයා ෆේන්ට් උනා කුකි.. "

" ඔව් හියුන්.. මට ඔලුව රිදෙන්න ගත්තේ.. ආයිශ්.. මට තේරෙන්නෑ හියුන්.. මට ඔලුව රිදිල්ල එන්න එන්න වැඩි වෙද්දි එක පාරටම මොනාද මන්දා රූප වගයක් පෙනුනා හියුන්. "

කුකී අතින් කොන්ඩේ අවුල් කරන ගමන් කිව්වේ ජිමින්ගේ මූන දිහා පැටලුන ලුක් එකක් දාන ගමන්..

" ඈහ්.. මොනාද කුකී ඔයා දැක්කේ.."

" මම.. ම්ම්.. කලු ගල් බිත්තියක්.. ගින්දර.. කහ පාට එලියක්.. යකඩ දොරක්.. එච්චරයි හියුන් දැක්කේ.. ඒවෙලේ තමා මට සිහි නැති උනේ.. "

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now