Chapter 51

596 126 31
                                    

මම අර කලු පාට දොරට අත තිබ්බ ගමන් හොබීයි රෝස් නූනායි මාව ඇදලා ගත්ත නිසා ඒ දොරට කරලා තිබ්බ මායාවෙන් මම බේරුනේ අනූනවයයි දශම නවයෙන්..

ෆ්හූ.. මම නම් හිතුවේ මම ඉවරයි තමා කියලා..

ආහ්... ආයි.. ඌයියා... ආව්...

කන පිච්චෙනවා වගේ දැනෙද්දියි මම දැක්කේ රෝස් නූනා මගේ කන අබරන් අල්ලන් ඉන්න විත්තිය.. අනේ දෙවියනේ මගේ අසරන කන් දෙකට අබ සරනයි..

මගේ කනක් මිරිකලා අල්ලගත්ත රෝස් නූනා පීනුවේ වගුරේ වතුරෙන් උඩට.. උඩට ආපු ගමන්ම අල්ලන් හිටපු කන තව ටිකක් තදට මිරිකපු රෝස් නූනා මට තරවටු කරන්න පටන් ගත්තා.

" යහ් ටේ.. ක්වෙන්චනා .. ආයිශ්.. මොකක්ද කියලා නොබලා ඔයා කොහොමද ඒක අල්ලන්න ගියේ.. "

" ආහ්.. නූනා.. "

" ආහ් ආවු අනේ.. නූනා.. රිදෙනවා අප්පා.. මාව ගල් වලින් නෙමේ හැදිලා තියෙන්නේ.. මටත් තියෙන්නේ ලේ නහර ඇට මස් කියලා නූනාට අමතක වුනාද.. ආහ්හ්හ්... අනේඑ... "

" රිදෙන්න තමා ටේ කන මිරිකන් ඉන්නේ.. ඉතින් සනීපයක් දැනෙන්න බෑනේ.. මෝඩයා.. ඔය මැටි මොලේට තේරුනේ නැද්ද මිනිහෝ එතන මායාවක් තියෙනවා කියල. "

රෝස් නූනා ආපහු පාරක් මගේ ඔලුවට අනින ගමන් කියද්දි මම අසරනව බැලුවේ මගේ හියුන් දිහා.. හහ්.. ඒකාට මොකද.. ඌ හිනා වෙනවා අර ඩිම්පලේ පෙන්න පෙන්න. උගුඩුව . ආහ්.. නූනා.. අනේ ඔයාගේ නියපොතු වැදෙද්දි රිදෙනවා වනේ..

ඈහ්.. ඒත් ඉන්න.. නූනායි හොබීයි කොහොමද එතන මායාවක් තියෙනවා දකින්නේ.. එයාලාට එතන තිබ්බ කලු දොරවත් පේන්නැතුව කොහොමද ....

" හොබී.. රෝසි නූනා.. ආහ්.. අනේ නූනා ඔය ගහන එක ටිකක් නවත්තලා අහගන්නකෝ අප්පාඅ."

මම ටිකක් දුක හිතෙන මූනක් දාන් කිව්වේ රෝසි නූනාගේ හිත හරි ඉක්මනට උනු වෙනවා කියලා දන්න නිසා 

" අහන්නකෝ.. ඔයාලාට එතන තිබ්බ කලු පාට දොර පෙනුන්නෑ කිව්වානේ.. ඉතින් කෝමද අනේ මායාව විතරක් දැක්කේ.. "

මම මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඒ විදියට ඉදිරිපත් කරද්දි අර කූ බබාගේ හිනා මල දත් තිස්දෙකම එලියට දාලා හිනා වුනාඅ.

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now