Chapter 30

991 203 65
                                    

ටේ කලබලෙන් කොන්ඩෙ ඇදගන්න ගමන් එයාගේ හා පැටියා ගැන ජිමින් කිව්ව දේවල් ගැන හිතන්න ගත්තා..

හ්ම්... කූ මැනික ඔයා කොහෙද හා පැටියෝ ඉන්නෙ.. ම්ම්.. එයා ජිමිනුයි යූංගියි එක්ක හිටියේ නෑ.. රූමින් හොබී දෙන්න එක්ක ඇත්තේ.. කමක් නෑ මගේ හොර කොල්ලා කොහෙ හිටියත් මේ ටේ හොයාගන්නවමයි.. සරන්හේයෝ මගේ චන්ඩියෝ ..

ටේ එයා එක්කම හිනා වෙලා ලෑස්ති උනේ කාමරෙන් එලියට යන්න..

හෑ.. ඒ මොකක්ද.. ම්ම්... වැනිලා.. වැනිලා සුවදක් කොහෙන්ද මගේ කාමරෙන් එන්නේ.. ම්ම්.. නෑ.. ජනේලේ ගාවින්.. වාහ්.. ඒ සුවද.. යම්ම්... කටට කෙල උනනෝ.. මට බ්ලඩ් මිල්ක් එකක් ඕනේ.. බඩගිනි..

ටේ තොල් ලෙව කන ගමන් ජනේලේ ගාවට ගියේ සුවද මොකක්ද කියලා බලන්න.. ඒත් කොල්ලා ජනේලේ ගාවට යද්දිම කලු පාට ලොකු බූල් ගොඩක් වගේ සතෙක් කොල්ලාගේ ඇගට පැන්නා.. කොල්ලා බැලන්ස් නැතුව ඇද උඩටම වැටෙද්දි අර සතා ලාවට ගොරවලා කෙදිරි ගාන ගමන් ටේගේ ඇග උඩට ඇවිත් ටේගේ බෙල්ලට නැවිලා ලොකු හුස්මක් ගත්තේ එයාගේ බූල් පිරුන කලු පාට නැට්ට හරි හරියට වනන ගමන්..

" කූ.. කුකී..මේ ඔයා නේද.. "

ටේ එයාගේ ඇග උඩ ඉන්න ලොකුම ලොකු කලු වෘකයාගෙන් අහද්දි වෘකයා ටේගේ පපුවට තට්ටු කරන ගමන් උඩ බලගෙන උඩුබුරලන්න ගත්තා.. වෘකයාගේ රතු පාට ඇස් ගිනි බෝල වගේ දිලිසෙනවා.. වෘකයා ඉන්නේ ගොඩක් සතුටින්..

ටික වෙලාවක් ටේ දිහා බලන් හිටපු වෘකයා ආපහු කොල්ලාගෙ බෙල්ලට නැවිලා හයියෙන් හුස්ම ගන්න ගමන් ටේගේ බෙල්ල ලෙවකන්න ගත්තේ ටේ කෙදිරි ගාන ගමන් ඇදරෙදි පොඩි කර කර දගලද්දි..

" ආහ්.. කූ.. අනේ මැනික.. ආහ්... "

කොල්ලා එහෙ මෙහෙ නලිය නලිය කෙදිරි ගාද්දි වෘකයා එක පාරට ටේගේ ඇගින් අහකට වෙලා ටේගේ බඩ උඩ ඉදගෙන ටේගේ මූන දිහාම බලාගෙන නැට්ට වනන්න ගත්තා.. ටේත් හිනා වෙලා එයාගේ අත එයාගේ ඔලුව යටින් තියාගෙන අනිත් අතින් එයාගේ කූගේ ඔලුව අතගාලා හිනා වුනා..

" කුකී..කෝ එන්නන්කෝ අනේ.. ඔයාගේ වුල්ෆ් ලස්සනයි තමා .. ඒත් මට ඔයාව බලන්න ඕනේ කු.. ඔයාගේ හුරතල් මූන බනී ස්මයිල් එක බලන්න ඕනේ. ඔයාගේ කියුට් වොයිස් එක අහන්න ඕනේ.. අනේ ඇල්ෆා චේබල්.. මට මගේ කූ මැනිකව ආපහු දෙන්නකෝ.. "

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now