Chapter 22

876 205 70
                                    

" ම්ම්.. රස්නෙයි.. සනීපයි.. ඊයේ මම හීටර් එක ඔන් කලා කියලා මට මතක නෑනේ.. ආහ් සමහරවිට චිමියා වෙන්නැති.. වාහ්.. මේ කොට්ටේ ශෝයි අප්පා.. රස්නෙයි.. සිනිදුයි.. වාව්.. මේ කොලේජ් එකේ මොනා නැතත් හොදට සැපට නිදාගන්න පුලුවන් කොට්ටයි මෙට්ටයි දෙනවා.. "

කුකී නින්දෙන්ම ඔහොම කියො කියෝ නින්දෙන්ම එයා කොට්ටේ කියලා හිතාගෙන හිටපු ටේව තවත් තදකරන් බදාගෙන සනීපෙට නිදාගන්න ලෑස්ති උනා.. කුකී කිව්ව හැමදේම ටේත් අහගෙන හිටියේ.. ඔලුවත් පහසු විදියට ටේගේ පපුව උඩින්ම තියන් පොඩි එකා වගේ ඇගිල්ලක් කටට දාන් උරන ගමන් නිදාගෙන ඉන්න කුකී දිහා ටේ හිනා වෙවි බලන් හිටියා.. ටේට සතුටුයි තමන්ගේ පපුව උඩ කුකීට ඒ තරම් සනීපයක් දැනුන එකට.

ටේ දැන් නැගිටලා පැයකටත් වැඩි.. කොල්ලාට ඊයේ රෑම හරිහැටි නින්දක් නෑ. මොකද එයාගේ හුරතල් හා පැටියා ටේගේ මුලු ඇදම අයිති කරන්..

ඔහ්.. අනී අනී..

වැරදුනා.. හී...

කුකී ටේගේ මුලු ඇගම අයිති කරන් පොඩි බබා වගේ සැපට නිදි.. ඔව් ඔව්.. කුකී ඉන්නේ ටේගේ ඇග උඩ.. කුකී පොඩි එකා වගේ උනාට හෙන බරයි. ටේට හුස්ම ගන්නත් අමාරුයි..ඒත් ටේ කුකීව අහකට නොකලේ කුකී එයා ලගින් ඉද්දි දැනෙන හැගීමට එයාගෙන් දැනෙන උනුසුමට කොල්ල ගොඩක් ආස නිසා..

උදේ පාන්දරම ඇහැරුන ටේ නැගිටින්න හැදුවට නැගිටිනවා තියා හෙලවෙන්නවත් කොල්ලට බැරි උනා..

" ආහ්.. මොකාද මගේ ඇග උඩ අලියෙක් නිදිකෙරෙව්වේ.. අනේ දෙයියනේ හුස්ම ගන්නත් බෑ.. ආයිශ්.. ඒ මදිවට හෙලවෙන්නවත් බෑ.. අර සූබිනා නිදිමරගාතේ ඇවිත් උගේ ඇද කියලා මගේ ඇග උඩට පැනලාද.. ඕකට අද මම..."

ටේ හිතින් බැන බැන ලාවට ඇස් ඇරලා ඇග උඩ හිටපු එකා මොකා උනත් කමක් නෑ කියලා තල්ලු කරන්න යද්දි තමා දැක්කේ එයාගේ පපුව උඩ ඔලුව තියන් නිදාගෙන ඉන්න එයාගේ හුරතල් බෝලෙව.. එයාගේ හා පැටියාව.. ටේට මුලින්ම මොකක්ද මේ වෙන්නේ කියල හිතාගන්න බැරි උනත් ඊයේ රෑ මතක් වෙච්ච ගමන් කොල්ලාගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනේ ඉබේටමයි..

" මගේ හා පැටියෝ.. ඔයාගේ මේට්ගේ පපුව උඩ ඔලුව තියන් නිදාගන්න එක ඔච්චර  සනීපයිද.. "

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now