Chapter 26

843 187 68
                                    

කුකී ක්ලාස් එකෙන් අඩාගෙන වැනි වැනි යනවා දැක්ක ටේගේ පපුව මැද්දෙන් ගිනි ගන්නවා වගේ දැනෙද්දි කොල්ලා පපුව තද කරලා බිමට නැමීගෙන එයාගේ ඇස්වලින් පනින්න දගලන කදුලු පාලනය කරගන්න ලොකු ට්‍රයි එකක් දෙනවා..

ටේ බලාපොරොත්තු උනේ නෑ එයා කුකීව රිජෙක්ට් කලොත් කුකී මේතරම් මානසිකව වැටිලා දුක් විදියි කියලා.. මොකද කොල්ලා හිතාගෙන හිටියේ කුකීට එයාව පේන්න බෑ කියලානේ..

' මගේ කූ.. අනේ මැනික.. ඔයා ඔච්චර දුක් වෙන්නේ මේ මම නිසාද රත්තරං .. අනේ මට සමාවෙන්න .. මම එහෙම කතා කලේ ඔයා ගැන හිතලමයි.. මම හිතුවේ ඔයා මට කැමති නෑ ඔයා මාව පිලිකුල් කරනවා කියලානේ.. ඒත් අද මැනිකගේ හැසිරීම දැක්කාම මට තේරෙනවා මම මොන තරම් ලොකු මෝඩ වැඩක්ද කලේ කියලා.. මගේ අසරන හා පැටියා මම නිසා දුකින්.. මියානේ බබෝ.. මම ඉක්මනට මේ හැමදේම හරිගස්සන්නම්.. මාත් ඔයාට ආදරෙයි මම ඒක ඔයාට අදම කියන්නම්.. මම ඔයාව මගේ මේට් විදියට පිලිගන්න කැමති කූ.. ඔයා මගේ.. මගේ විතරයි . ඉක්මනට මේ පීරියඩ් එක ඉවර උනා නම් .. මම මගේ කූ ගාවට යනවානේ.. අනේ දෙයියනේ චේබල් ඉක්මනට කාලේ යවන්න.. මට තවත් බෑ මගේ මැනිකගේ කදුලු බලන්න..'

ටේ එයාගේ පපුවට අත තියන් ඩෙස් එකට ඔලුව තියන් ඉද්දි ඒ දිහා මහ අමුතු හිනාවක් දාගෙන කෙනෙක් බලන් හිටියා.. ඊටපස්සේ ආපහු කුකීගේ හිස් පුටුව දිහාත් බලලා කට කොනෙන් හිනා වෙලා එයාගේ පොතට මූන ඔබාගත්තේ ජයග්‍රාහී හිනාවකින් මූන සරසගෙන..

ඔහොම කාලේ ගතවෙද්දි කුකී එන්න පරක්කු නිසා ටේ ටික ටික කලබල වෙන්න ගත්තා. කොන්ඩේ අතින් අදින ගමන් කොල්ලා නොසන්සුන් හැගීමකින් බලන් හිටියේ ක්ලාස් රූම් එකේ දොර දිහා..

ඔහොම ටික වෙලාවක් යද්දි ක්ලාස් එකේ දොර ඇරුනත් ටේට ආපු කෙනා පහැදිලි නොවුනේ ඒ කෙනාගේ අතකින් පිටවුන දීප්තිමත් ආලෝකය නිසා.. ඒත් එක්කම වගේ ටේගේ දකුනු අතේ තිබ්බ එයාගේ කලු පාට මැජික් යශ්ටියත් වයිබ්‍රේට් වෙන්න ගත්තේ ටේව ගැස්සිලා යද්දි..

ටේ එයාගේ ස්ටික් එක දිහා බලලා ආපහු දොර දිහා බලද්දි එතන හිටියේ දේවදූතයෙක් වගේ ලස්සන දිලිසෙන ස්කින් එකක් තියෙන කොල්ලෙක්..

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now