Chapter 23

888 207 71
                                    

"යාහ්... ඕක නවත්තගන්නවා.. "

ටේගේ බොරු ඇඩිල්ල දැකලා එපා වෙලා කුකී හයියෙන් කෑගැහුවේ ටේ බය වෙලා කටට ඇගිල්ල තියාගද්දි..

' හම්මියෝ.. මෙයා හා පැටියා වගේ අහිංසක පෙනුමට හිටියට යක්ශ පැටියෙක් වගෙනේ.. ෆ්හූ.. දෙයියනේ මගේ අනාගතේ.. මට මේ කොල්ලාගෙන් ගුටි කකා ඉන්නද වෙන්නේ.. හුවෑ.. '

ටේ කොල්ලාගේ හිත ඔහොම හඩා වැටෙද්දි කුකී නැගිටලා අත් දෙකත් හරහට බැදගෙන ඔරෝගෙන ටේ දිහා බලන් හිටගත්තා..

" මේ ටේ.. නැගිටපන් මිනිහො.. පරක්ක්... ඈහ්... ඕහ් මයි පුවර් ආආආආයිස්ස්... "

කුකී නැගිටිනවත් එක්කම දොර ඇරගෙන ඇතුලට ආවේ සූබින්.. කොල්ලා ආවේ නම් ටේ පස්සට එලිය වැටෙනකම් නිදාගන්නවා කියලා අත්දැකීමෙන් දන්න නිසා උදෙන්ම ඇහැරවන්න කියල.. ඒත් උනෙ නම් හිතපු දෙයක් නෙමේ.. එයා දැක්කේ එයාට පිටිපස්ස හරවන් ලාවට උරහිසෙන් බෙඩ්ශීට් එකක් පොරෝගත්ත කොල්ලෙක්.

සූබින් කෑගහගෙන ආවා විතරයි කුකී හැදුවේ ආපිට හැරිල ආපු එකාටත් බනින්න.. මොකද කොල්ලාට තාම මීටර් නෑ එයා ඉන්නේ කොහොමද කියන එක.. ටේ දැක්කා කුකී හැරෙන්න යන්නේ කියල.. ඒ නිස දඩබඩ ගාල අදෙන් පැන්න ටේ එයා පොරවන් හිටපු ශීට් එකත් අරන් කුකීව වහලා තද කරලා බදාගත්තා..

" යාහ්.. සූබිනා.. ආයිශ්.. පලයන් යන්න එලියට.. කාමරේකට එද්දි තට්ටු කරලා එන්න දන්නැද්ද මනුස්සයෝ.. "

ටේ යකා ආවේශ වෙලා වගේ බෙරිහන් දෙද්දි හරි සිහියට ආව සූබින් ටක්ගාලා දොරත් වහගෙන එලියට දුවගෙන ගියා.

" යාහ්..තමුසෙට පිස්සුද මිනිහෝ.. මාව අතෑරපන් ... අහකට යනවා කුනු ලේ කාරයා.. "

සූබින් ගියා විතරයි උන දේ ප්‍රොසෙස් කරගත්ත කුකී එයාගේ උච්ච ස්වරයෙන් ටේගේ කන අස්සේ ඉදන් කෑගහද්දි ටේ කුකීවත් තල්ලු කරගෙන පිටිපස්සට පැන්නේ  කන් දෙකම අත්වලින් වහගන්න ගමන්..

" ආයිශ්.. යක්ශ පැටියො.. මගේ කන් දෙක.. "

" තමුසෙට පිස්සුද.. අනික මම මේ කොහෙද ඉන්නේ කියනවා.. "

කුකී බෙරිහන් දෙන්න ගද්දි ටේ මූනත් ඇබුල් කරගෙන කන් දෙක වහන් කතා කරන්න ගත්තා..

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now