Chapter 38

781 160 64
                                    

ටේකුකී දෙන්නා දුවගෙන කොලෙජ් එකට ඇතුල් වෙද්දිම ජිමින් ඒ දෙන්නා එන මගට දුවන් ආවේ කලබලයෙන්..

" යාහ්.. කොහෙද ගියේ.. මැට්ටො රැල.. අපිට විශේශ රැස්වීමක් දාලා.. මොකක් හරි වෙන්න ඕනෙ නැති දෙයක් වෙනවා වගේ.. "

ජිමින් හොදටම බය වෙලා කියද්දි ටේකුක් දෙන්නගෙ පිටිපස්සෙන් ආපු ජූන් යොන්ජුන් දෙන්නත් බය වෙලා වගෙ ජිමින් දිහා බලන් හිටියා.. ඒත් මේ හතර දෙනාටම ජිමින් එක්ක කතා කරන විදියක් නෑ. මොකද මෙයාලා තාම මිනිස්සු විදියට පරිවර්තනය වෙලා නැති නිසා ජිමින් එක්ක කතා කරන්න බෑ.. එයාලගේ මයින්ඩ් ලින්ක් වැඩ කරන්නෙ වෘකයෙක් වවුලෙක් ඒන්ජල්කෙනෙක් මකරෙක් විදියට පරිවර්තනය වෙලා හිටියොත් විතරයි..

" ආයිශ්.. හතරදෙනාම ඉක්මනට යන්න. ඇදුමක් දාගෙන ඉක්මනට එන්න මේන් හෝල් එකට.. ඉක්මන් කරන්න.. යන්න ඉතින්.. "

ජිමින් යොන්ජුන්ව කකුලෙන් තල්ලු කරද්දි ටිකක් සද්දෙන් ගෙරෙව්ව යොන්ජුන් දුවන් ගියේ එයා කලින් හිටපු ජිමින්ගෙයි කුකීගෙයි රූම් එකට.. ටේත් ස්ලිදරින් හවුස් එකට යද්දි කුකී යොන්ජුන් පස්සෙන් ගියා.. ජූනුත් එයාගේ හවුස් එකට වේගෙන් පියාබගෙන ගියේ ජිමිගේ මූනෙන් දැක්ක කලබලය බය හොදට තේරුන නිස...

විනාඩි පහක වගේ පොඩි කාලෙකින් ටේකුකී ජූන් යොන්ජුන් හතර දෙනා දුවගෙන ගිහින් මේන් හෝල් එකේ වාඩි වෙලා හිටිය ජිමින්ලා ගාවින් වාඩි උනා.. එතකොටයි එයාලා දැක්කේ කොලේජ් එකේ හැම ලමයාම වගේ ගොඩක් බය වෙලා වගේ බලන් ඉන්න හැටි..

" මොකද මේ හැමෝම බය වෙලා වගේ ජිමින් හියුන්.. "

යොන්ජුන් ජිමින්ගේ එහා පැත්තෙන් ඉදගන්න ගමන් අහද්දි කුකී ටේ එක්ක ජනේලේ අයිනේ තිබ්බ සීට් දෙකකින් වාඩි වුනා..

" ඈහ්.... ජිමිනි හියුන්..මේ මේ.. මොකද වෙලා තියෙන්නේ.. මේ වැලේ මල් වැටිලා කොලත් මැලවිලා.. ඇයි ඒ.. "

කුකී එයාගේ එහා පැත්තෙ ජනේලෙන් එලියේ වැවිලා තිබ්බ හේබල් පැලය දිහා බලලා කිව්වා..

( හේබල් පැල ගැන මතක නැතනම් දුවලා ගිහින් චැප්ටර් 8 කියවලා එන්න.. )

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now