Chapter 08

928 221 27
                                    

Sky High School
Jungkook pov

කොල පාට අයිවි වැල්වලින් වටවුන ලොකු හෝල් එකක දේශනයක් තියෙනවා කිව්ව නිසා මායි මගේ හැල කිබුලායි චිමියායි හෝල්  එක ඇතුලට ගිහින් ඒ තිබ්බ පුටුවල වාඩි උනා.

ගොඩක් එලිය වැටෙන දීප්තිමත් දේශන ශාලාවක් නිසා ඒ හෝල් එකට දැක්ක ගමන් මගේ හිත ගියා.. ජනෙල් අස්සෙන් හිරු එලිය විහිදෙද්දි බිත්ති පුරා විහිදුනු අයිවි කොල හුලගට අහු වෙලා දගකරන්න ගත්තේ වටපිටාවේ නැවුම් සීතල හුලගක් පැතිරෙද්දි ...

" වාහ්.. හියුන් මේ.. මේ.. හෝල් එක නම් මාර ලස්සනයි අනේ..ම්ම්.. මාර සුවදයිනේ.. මොකද්ද මේ එන මල් සුවද.. "

යොන්ජුනා මගේ ඇග උඩින් පැනලා මගේ එහා පැත්තේ තිබ්බ ජනේලෙන් ඔලුව දාන ගමන් කෑගැහුවා..

" යකෝ ඕකෙන් එබීගෙන කෑගහන්න එපා බන්.. බලහන් මේ හෝල් එකේ ඉන්න ලමයි අපි දිහා බලන්නේ පිස්සො තුන්දෙනෙක් දිහා බලනවා වගේ.. "

චිමියා ඔලුවේ අත ගහන් කිව්වේ යොන්ජුනාගේ ගොන් ආතල් වැඩ නිසා අපි දිහා බලන් ඉන්න ලමයින්ගෙන් මූන හංගගන්න ගමන්..

" ම්ම්.. මොකක් නැතත් ඒ මල් ජාතිය නම් මාර සුවදයි තමා යොන්ජුනා.. මාත් ආසයි ඒ සුවදට.. "

මාත් හිනා වෙලා කියලා ලොකු හුස්මක් අරන් පෙනහලු පුරවගත්ත..

" ඒත් හියුන්.. ඒ මොන මල්ද.. රෝස පාටයි.. චූටි.. මාර ලස්සනයි..ආහ් නෑ නෑ.. අර අර.. බලන්න දම් පාට මලුත් තියේ.. නිලුත් තියෙනේ.."

යොන්ජුනා ආපහු අහද්දි මට දෙන්න උත්තරයක් නෑ. මම දන්නෙත් නෑ.. මේ මල් දැකෙත් අදයි.. ඒ මල් පිපිලා තිබ්බේ අපි ඉන්න හෝල් එකේ පිටත බිත්ති වෙලා ගෙන හිටිය වැල්වල.. මම මුලින් හිතුවට ඒ වැල් අයිවි වැල් කියලා , දැන් නම් තේරෙනවා එහෙම නෑ කියල.. මොකද අයිවි වැල්වල මල් පිපෙන්නෙ නෑනේ..

" අනී යොන්ජුනා.. නා මුල්ලා.. ඒත් ඒ මල් ලස්සනයි.. ම්ම්.. මම ඒ නැවුම් සුවදටත් ආසයි.. "

" ඕ.. ඒ මල් ගොඩක් සූදයි ලස්සනයි.. ඒ වගේම ඒවා දිලිසෙනෝ.. හ්ම්.. දවල්ට නම් ඒක පේන්නෑ.. ඒත් රෑට නිකන් බල්බ් වැලක් දාලා වගේ රෝස නිල් දම් පාටින් ඒ මල් දිලිසෙනවා.. යූංගි බබා නම් ගොඩක් ආසයි ඒ එලි බලන්න.. "

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now