Chapter 18

831 182 57
                                    

ටේ සූබින් එක්ක අන්තිම මොහොතේ ක්ලාස් එකට දුවගෙන යද්දි එයාලාගේ වාසනාවට ටීචර් ක්ලාස් එකට ඇවිත් තිබ්බේ නෑ.. ඒකටත් පින් දිදි දෙන්නත් එක්ක ක්ලාස් එක ඇතුලට ගියේ ඉදගන්න තැනක් හොයන ගමන්..

මේ යන අතරේ ටේගේ නම් ඇස් හොරාගත්තේ ඉස්සරහාම පෝලිමේ ඉදගෙන පොතට ඔලුව ඔබාගෙන හීටිය හා පැටියෙක්.. ඒ කොල්ලා යුනිෆෝම් එක ඇදලා මාරම ලස්සනයි.. ඒ වගේම හොට්.. කොන්ඩේ මූනට වැටිලා පිස්සු හැදෙන තරම් ලස්සනක් තිබ්බේ.. ටේ ඉතින් පිස්සුවෙන් වගේ එයාගේ මේට් දිහා බලන් හිටියා.. ඒත් ටිකකින් අර ජිමින් කුකීගේ කරට අත දාලා හිනා වෙලා කුකීගේ කම්මුල්වලින් අදින්න ගත්ත නිසා ටේගේ රතු කට්ට පැන්නා.. කුකීත් ඒකටම හරි යන්න එයාගේ බනී දත් ටිකත් එලියට දාගෙන කිරි සප්පයා වගේ හිනා වෙනවා.

ටේට තේරෙන්නෑ හැම තිස්සෙම කොහෙවත් යන කොල්ලෙක් නිසා එයාව හාඩ් වෙන්නයි එයාට තරහ යන්නයි හේතුව.. එයා අත් දෙකත් මිටමොලවන් ක්ලාස් එක පිටුපස්සට ගියේ ජීකුක් ඩබලගේ කෝලම්වලට එයාගේ ඇගේ මාලු ගගේ නටනෝ වගේ දැනුන නිසා.

( එයාට නොතේරුනාට අපිට නම් තේරෙනෝ නේද රීඩර් බබාල.. පුලුවන්නම් යන ගමන් මේ කොලුවාට ටොක්කක්වත් ඇනන් යන්න මොලේ පෑදෙන්න කියලා හිතලා. 😒 )

" ආයිශ්.. මේ කොටා ඇයි හැමතිස්සෙම මගෙ කොල්ලාගේ ඇගේ ඇලෙන්න එන්නේ.. "

ටේ තරහෙන් එහෙම මුමුනද්දි සූබින්ට ඒක ඇහිලා බකස් ගාලා හිනාවක් පැන්නා..

" මොකද යකෝ හිනාවෙන්නේ.. බෙල්ල ගලෝගන්න ආසද.. බූරුවා.. "

පිටිමපස්සේ පෝලිමක කොනෙන් ඉදගන්න ගමන් සූබින්ගේ ඔලුවට එකක් ගහලා ටේ කිව්වා.

" යකෝ.. රිදෙනවා.. වැම්පයර් කෙනෙක් වුනත් මාත් හැදිලා ඉන්නේ ලේ මස් ඇට නහර වලින්.. හුම්.. "

මේ දෙන්නා ඔහොම රන්ඩු වෙවි ඉන්න අතරේ ටේ බලන් හිටියේ ඉස්සරහාම පේලියේ ඉන්න එයාගේ මේට් දිහා.. කොල්ලා නම් ජිමින් එක්කම පොතකට ඔලුව ඔබාගෙන ලොකු වැඩක්.. ටේට හිතාගන්න බැරි උනේ මුල්ම දවසේ ඔහොම ඔලුව ඔබන් පාඩම් කරන්න තරම් මොනාද තියෙන්නේ කියලා.. ඇත්තනේ ඉතින්..එයාලා තාම දන්නෑ එයාලට මොනාද මේ ස්කූල් එකේ උගන්නන්නේ කියලවත්.. එහෙම එකේ පොතක ඔලුව ඔබන් මොනා කරන්නද ..

I  ⓗⓐⓣⓔ  MY  ⓜⓐⓣⓔ || Taekook || CompletedWhere stories live. Discover now