0️⃣3️⃣වන කොටස🐉

2.2K 454 304
                                    

අශියෑන්.......

නිදි.......

අද දවල් වරුවම නිදා ගන්න හදපු දරුවව බලෙන් ඇහැරවන් උන්න මම එයාවත් වඩාගන ගූසුව පුරාවටම ඇවිද්දා...  කුඩා වංජිවත් එක අතකින් අල්ලගන අනිත් අතින් අශියෑන්ව වඩාගන මම පුලුවන් හැම තැනටම ගියා  .වෙන මොකටවත් නෙවෙ අශියෑන්ව රෑට නිදි කරවගන්න.........

දවල් වරූවම නිදි මතේ අඩලා අඩලා අවසානෙදි ඉර බැහැගන යනවත් එක්කම බඩෙන් බාගෙට අඩ අඩම කිරි උරපු පුංචි දගමල්ලට හොදටම නින්ද ගිහින් තිබුනා......

ලදරු සබන් සුවද එන සිගිති අත් පොඩි දෙක ගුලින්කරන් උන්න අශියෑන්ව කොච්චර පෙරෙව්වා උනත් නිදා ගත්තෙම කකුල් දෙකම එලියෙ දාගන වෙනකොට රෙදි කඩ පොරවන වාරයක් පාසාම ඒක අහකට කර ගත්තා ........

අම්මගෙ පන.........

දිගැටි ඇහි පිහාටු උඩට වක් වෙලා තියනකොට තවමත් ගහක් දෙකක් සලකුන උන ඇහිබැම වැවෙනකොට හැඩවෙයි කියලා හිතුනා ........

වංජිටත් අද නින්ද ගිහින් ඇති...පව් දරුවාගෙ කකුල් දෙක වේදනා දෙනවා ඇති.....

බාගෙට ඇරලා තිබුන හුලන් කවුලුවෙන් එන හුලග වගේම එහා මෙහා වෙන උණ පදුරු වල සර සර ස්ද්දෙ එක්ක අඩවන් වෙච්ච ජනෙල් පියන්වලින් ගලාගන ආව කිරි පාට හද එලිය මගෙ පුංචි අශියෑන්ගෙ මූන නාවලා තිබුනා ..මං හිතන්නෙ හද එලිය මවන්න ඇත්තෙම ගූසුව වෙනුමද කොහෙද ......වලාකුලේ ධවල පැහැ වස්ත්‍ර වගේම හැම වෙලාවම ශාන්ත බවක් ගෙනාව වටපිටාව.....ගුසූව කියන්නෙම මිහිපිට ස්වර්ගයක් වගේ...හැබැයි..ඒ ඉස්සර...මොකද මගෙ පුංචි ආශියෑන්ගෙ ඇඩිල්ල ජින්ශියට හංශියට විතරක් නෙවෙ නිකාය නායක ලාන් ශන්(lan shun)ගෙ කුටියට පවා ඇහෙනවලු.......

මගෙ පුංචි රැහැයියා....තාත්තා බලාපොරොත්තු වෙන්නෙ නම් තැම්පත් දරුවෙක් උනත්....මගෙ පුංචි ආශියෑන් මගෙම අච්චුවක්ද මන්දා   .........

ඔයා නිදිද........

එයාට පිටුපාලා දරුවව පපුවට තුරුල් කරන් උන්න මගෙ බද වටේ ගියපු අත වගේම බෙල්ල පිටිපස්සට වැදුන උනුසුම් හුස්ම ,ඇහෙන නෑහෙන ගානට ඇහුන කට හඩ..නවයේ කනිසම පහුවෙලා ඇහෙනකොට මම එයාගෙ පැත්තට හැරුනා .......

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now