2️⃣4️⃣වන කොටස🐉

1.3K 368 231
                                    

ම්හුක්...මදක් ඔසව ගන්නවද.....

හරි...තව ස්වල්ප දුරයි කඩ වීදියට....අපි ඔබ වෙනුවෙන් ඉස්තරම්ම දේ මිලදී ගන්නම්.....

කම් නොවේද .. ..කුඩා දරුවා මිලෙන් අදික දේක රස බැලුවට....??

කම්නොවෙ...කම් නොවේ....

ම්හුක්...නෑ...නෑ...අවැසි නෑ...මට සරුවත් වීදුරුවක් එක්ක කැවිල්ලක් බෙහෙවිම්ම ප්‍රමාණවත්.......අනුන්ගෙන් කඩා වඩා ගැනීම සැබැවිම්ම නින්දිතයි..

උන් ටික මාරුවෙන් මාරුවට මාව වඩාගන යනකොට මං බලාගන ලන් චාන්  මාව අමුවෙන් අගුරු කරන්න තරන් රවාගන උන්නා...කුඩා දරුවට මොනවා වැටහෙනවා කියලද....අනික...ලස්සන තරුනියක් වඩාගන යනකොට ....ඒකම මදැයි.....මොනවා උනත්...උන් හරි පියකරුයි ....එහෙම වෙන්න එපැයිනෙ.....යුන්මෙන් මෙයිමෙයි උනත් කෙතරම් පියකරුද.....තාත්තා වහ වැටුන එක අහන්න දෙයක්ද......ම්හුක්...ඒ උනාට නින්දිතයිනෙ.... රෑ දඩයමෙ යනවා කියලා මෙහෙ ගාටපු එක......කියන්න බෑ...මේ දරුවා උනත් වයසින් වැඩුනම රාත්‍රී දඩයමේ යනවා කියලා මොන මොන අහුමුලු වල බඩගාවිද කියලා... ම්හුක්.....තවම කුඩයිනෙ...කටට ආව පලියට දෙඩුවට මොනවා කියලා තේරෙනවද මේ නොදරුවට



මේ තියෙන්නෙ...මේ තියෙන්නෙ...හෝව්.....හෝව්......
නවතින්ඩෝ.......නව...තින්....ඩෝ....ඩෝ...ඩෝ.....

පාට පාට දේදුන්නක් හා සමාන, ගන්නෙ මොකක්ද කියන්න හිතා ගන්න බැරි අරුමෝසම් බඩු පිරුන කඩ වීදියේ සරුවත් කඩෙ දැකලා මම මැරෙන්න හැදුවා වගේම මාව වඩාගන උන්න ගැටිස්සි මාව බැස්සෙව්වා....

අම්මෝ.....ඒවල ලොකු.......රතු පාට...කහ පාට...දම් පාට......නිල් පාට...නැති පාටක් නෑ......නිල් පාට සරුවතුත් හදනවා...මං හිතන්නෙ නිල්කටරොලු වලින්ද කොහෙද...ඒ උනාට මට ඕනෙ රතු පාට එකක්....

පාට පාට සරුවත් වීදුරු දිහා බලන් උන්න මම නහයට තට්ටුවක් දාන ගමන්මොන පාටද තෝරගන්නෙ කල්පනා කෙරුවා.....රතු....මට ඕනෙ රතුම තමා....

ඉතින්...කුඩා යුවැන්ඩො.....මොන එකට මනාප.....

ම්හුක්....ඒ ඔක්කොම හරි ලස්සනයිනෙ........බැරිද දන්නෙ නෑ...හැම එකෙම්ම ස්වල්පෙ බැගින් දාලා කලවම් කරන්න නේද.....ඒ උනත් එපා...කුඩා බඩ අච්චාරුවක් වේවි.....මට...රත් පැහැ එකක්....හොදයි...

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now