මම පුංචි එකාව තුරුලු කරගත්ත......කිරිසුවදයි.........අඩලා ඉදිමුන ඇස් පහතට බර වෙන්න ආවා.......ඒත් එයා නිදි නෑ......නෑ....එහෙම නෙවෙ...මගෙ ආශියෑන් කියලා දුන්නෙ....පුංචි උන් නිදියන් නෑ.....පුංචි උන් කරන්නෙ දොයියන එකලු.....
අනේ උඹ මට හැම දේම කියලා දුන්නෙ උඹ මාව දාලා යන හින්දද...මගෙ පපුවට හේත්තු වෙලා බර උන බඩ ගෙඩිය උඩට මගෙ අත් දෙකත් පඒ උඩින් තියන් වංජියෝ ....වංජියෝ ගගා.......උඹ පුංචි උන් ගැන කියලා දුන්නෙ මේකටද .... උඹ මට හැමදේම කියලා දුන්නා...ඒත්...ආශියෑන් උඹට බැරි උනා...උඹට බැරි උනා අම්මෙක්ගෙ ආදරේ දෙන හැටි මට කියලා දෙන්න උඹ නැතුව ජීවත් වෙන හැටි අපි තුන්දෙනාට කියලා දෙන්න...........ඒත්...උඹට බැරි උනා...උඹට බැරි උනා මගෙ ආශියෑන් ........උඹ මහ ආත්මාර්තකාමී ...මව් කුසේ පටන් මම උඹ වෙනුවෙන් බලන් උන්නෙ......
මම කෙදිරි ගාන පුංචි එකාව හරි පරිස්සමින් වඩා ගත්තා ...මට ඉතිරි මෙච්චරයි .......ආශියෑන්ගෙ මතකයන්ට ඉතිරි මෙච්චරයි ......මට තේරුමක් නෑ.....මම නැලෙව්වා...කස පාර කාපු වේදනාව.....තනිකමේ වේදනාව එක්ක දරු කැක්කුම උඩට එනකොට මම මගෙ කුඩා වස්තුවව අරන් එහෙ මෙහෙ කැරකුනා.....හිමින් අඩි තිබ්බා...කරට අරන් නලවන්න තරන් මගෙ කුඩ වස්තුව වැඩිලා නැති උන කොට මම එයාව පපුවට තුරුලුකරන් මුලු ජංශිය පුරාවටම හෝරාවක් දෙකක් ඇවිද්දා.....
තාත්තගෙ කුඩා වස්තුව ....දොයියන්නෙ නැතිද.. . . . දැන් නවයෙ කනිසමත් පහුවෙලා නොවේද .........
එයා ඇගිලි ගොතනවා....මම.කතා කරන වාරයක් ගානෙම පුංචි කමට ඇස් කරකව කරකව කුඩා ජින්ග්‍යි කට කොනකින් හිනා වෙන්න හැදුවා.....අනේ....තවම හිනා වෙන්න දන්නෙ නෑ..........
දොයියගන්න බැරිද....මගෙ පුතාට...කුසගිනිද......
මං කතා කෙරුවා .....නවයෙ කනිසම පහුවෙලා හෝරා ගානක් ගිහිල්ලා......බෙහෙත් ගාපුතුවාල ඉදහිටක වේදනා දෙනකොට මම දරුවව ඇද උඩින් තියලා මගෙ ලෝගුව පොරවගත්තා......වෙලුම් පටිවලින් එලියට බෙහෙත් යුශ පෙරුනත් මම මගෙ ධවල ලෝගුව ඇන්දා....
ධවල පහැ ඇදුම් ගොඩේ කාලවරන ලෝගුව මගෙ ඇස් ආය ආයම තෙත් කරන කොට අම්මා නැති බිලින්දව මම මගෙ ආශියැන්ගෙම කාල වර්න ලෝගුවකිනුත් එතුවා....
YOU ARE READING
JADE DRAGONS 🐉🐉(completed )
Fanfictionදන්නවද..... හීන තියනවා.... සමහරවෙලාවට හැබෑ වෙනකන් සුන්දර උනාට.... ඒ හීනෙම යතාර්තයක් උනයින් පස්සෙ... වේදනාවක් විතරක්ම උරුම වෙන..... හරියටම ....මගෙ අශියෑන් වගේ...... ලාන් වන්ජි........