2️⃣9️⃣වන කොටස🐉

1.3K 370 240
                                    

ලන් චාන්..........

නවතින්නෙම නෑනෙ...........

උන පදුරු දෙබෑ කරන් එයා යන්න ගියා....නෑ... එයා යන්න ගියේ නෑ.. ඇත්තටම එයා දිව්වා......එයා දිව්වා....එයාට ලැජ්ජා හිතුනද......

මං එහෙම්ම උණ ගහකට හේත්තු වෙලා මගෙ ඇගිලිතුඩු වලින් නලල පිරිමැද්දා....එතන තවමත් උණුසුම්.....ඇත්තටම එතන තවමත් උණුසුම්ද...නැතිතම් හාදුවෙ ආදරනීය බව වගේම උණුසුම් බව හිතට දැනෙනවද......

ලන් වංජී....ලන් වංජී.....

මගෙ කට කොනකට හිනාවක්.මතු වෙනකොට මම එහෙම්ම ගූසු අහස දිහා බැලුවා.... සීතල පොකුනෙ වතුර සද්දෙ හරියටම සිංදුවක් කියනවා වගේ.....

ගූසු අහසටත් සතුටු ඇති.....ආශියෑන්ට හා සමානවම.......සීතල පොකුනටත් සතුටු ඇති...ආශියෑන්ට සමානවම...........මගෙ හිම බෝලා වලටත් සතුටු ඇති....ආශියෑන්ට හා සමානවම.........

එයා මට පලවෙනිම පාරට හාදුවක් තිබ්බා.....සදුන් සුවද පිරුන එයාගෙ පපුව ඇත්තටම අම්මාගෙ තරම්ම සුවදායක උනා....මගෙ ජිජියෙ තරම්ම සුව දායක උනා...වෙනසකටතිබුනෙ මගෙ අම්මගෙ වගේම ජිජියෙගෙ වගේ බෝල පපුවක් නැතිව ගල් පපුවක් තිබ්බ එක...ඒ උනත්....ඒ ගල් පපුව අස්සෙ තිබුන ආදරනීය හැගීම් මට අද දැනුනා.......

මගෙ බඩ කැලතෙනවනෙ......මට බබුච්චෙක් හම්බ වෙන්න වත්ද.....ම්හුක්...දන්න විදිහට බබුච්චො හම්බ වෙන්න ඉන්නකොටත් බඩ කැලතෙනවලු....අනේ.දෙයියනේ...ලන් චාන් එදා නෙලුම් බට්ටෙ දීලා ඒකනේද කිව්වෙ....අයියෝ...අද ජන්ම දිනෙ දවසෙම හාදුවක් තියලා මට බබුච්චෙක් දුන්නද.....වෙන්න බෑ...වෙන්න බෑනෙ...අනේ...බබුච්චන්ට කොහොමද බබුච්චො හම්බෙන්නෙ......ම්හුක්.......අනේ........

එතකොට වමනෙත් යනවලු......ඔලුවත් කැක්කුම හැදෙනවලුනෙ හරීයට....නින්ද යන්නෙත් නෑලු....ඇගත් රත් වෙනවලු......බඩත් ලොකු වෙනවලුනෙ....අපේ අම්මටත් මාව හම්බෙන්න ඉන්නකොට බඩ ලොකු උනාලුනෙ.. .ම්හුක්........දැන් මගෙත් එහෙම වෙයිද.....නින්දිතයිනෙ.....බඩ ලොකු උනෝතින්..........මං තවම කුඩයිනෙ.....

මම එකින් එක ලෙඩ ගැන කල්පනා කෙරුවා වගේම මට දැන් ඒ ගැන හිතන නිසාමද කොහෙද මට වමනෙට වගේම ඔලුව කැක්කුමත් ආවා.....ඒ අස්සෙන් ඇත්තටම ඇගත් රස්නෙයිනේ......අනේ.........හ්

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now