0️⃣6️⃣වන කොටස🐉

1.7K 415 122
                                    

වංජී........වංජි ඔයා කොහෙද වංජී......

අතේ තිබුන කැවිලි මල්ල සීසිකඩ විසිවෙලා යනකොට පාර පුරා ඉහිරුන කැවිලි මිනිස්සුන්ගෙ.සපත්තුවලටඔඈගිලා පොඩි වෙලා ගියා ...

අනේ මගෙ දරුවා.....වංජී...ඔයා කොහෙද වංජී......

එකම එක තත්පරේකින් මගෙ මුලු ලෝකෙම කඩාගන වැටෙනකොට මගෙ ඔලුවට එක එක විකාර එන්න ගත්තා ....

අනේ...මගෙ දරුවව දැක්කද....

මෙන්න මේ සයිස්....සුදු පාට ඇදුමක් ඇදන් උන්නෙ.....

අනේ මගෙ දරුවව දැක්කද......

අනේ...කවුරුත් මගෙ දරුවව දැක්කද........

මම එන එන හැමෝගෙම්ම මගෙ වංජිව දැක්කද අහ අහ හැම තැනම දිව්වා....දරුවගෙ හැඩ රුව කිය කිය මම ආව පාරෙම ආය ආය දිව්වා....

වංජී......ඉන්න තැනකින් එන්නකො වංජී........

තත්පර විනාඩි වලට පෙරලෙනකොට බය දුක මං ගැනම තරහව මේ ඔක්කොම එක පොදියට එනකොට නිකාය නායක ලන් ශාන්ගෙන් කෙසේ වෙතත් කිරෙන්ගෙන් මට කවදාවත් සමාවක් තියා ජීවත් වෙන්නවත් ඉඩක් තියයිද කියන එක සැකයක් වෙනකොට මම වංජිව හොය හොය දිව්වා....

වංජියා..........අනේ ඉන්න තැනකින් එන්න මගෙ වංජී......

එන්න එන්නම මගෙ පපුවෙ ගැස්ම වැඩිවෙනකොට මගෙ ඇග ඇතුලෙ  ආත්ම සත්වයා(spiritual animal )එලියට එන්න පොරකන හැටි මටම දැනෙන්කොට අසිපත මම මිරිකගත්තා .......අත් දෙක පුරාවටම දම්පැහැ කොර පොතු ලාවට ලාවට මතු වෙනකොට මම මාවම පුලුවන් තරම් පාලනේ කරගත්තා ...වගා ලෝකයෙන් එපිටදි කිසිම තැනකදි වෙස්මාරු කරන්න තහනම් වෙලා තියනකොට මම උන්න මාන්සීකත්වෙ එක්ක මට මාවම පාලනේ කරගන්න බැරි තැන මගෙ ඇස් දෙක් දම්පැහැයට හැරුනා....

.

වංජී...........!!!!

පාටක් වෙනුවට කලු සුදුට් නැති අවර දම් පැහැයට මම මිනිස්සුන්ව දකිනකොට ඒ හැමෝගෙම අස්සෙන් මගෙ වංජිව මගෙ ඇස් දෙක හෙව්වා...දරුවා බයවෙලාද...අඩනවද...කවුරු හරි පැහැරන් ගියාද  ...මොනවා උනාද කියලා හිතා ගන්න බැරි මම වංජී වංජී ගගා කෑ ගැහුවා....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now