6️⃣1️⃣වන කොටස...

1.3K 324 129
                                    

Lan wangi pov.

ආ....ශි.....යෑ....න්...

මගෙ කටහඩ සම්පුරනම ගොලුවෙලා ගියා...තත්පර  ගානක් ඇතුලත මුලු ගූසු ගැට්ට වැහෙන්නම මිනිස්සු පිරෙනකොට මම දෙනෝ දහක් මැද තනි උනා....

ආශියෑන් ....එය...විය නොහැකීයි......ආශියැන් ......ආශි....යෑන්..........ආශියෑන් ....නොහැකි....එය විය නොහැකියි...මගෙ...ආශියෑන් .....නුඹ මට වදන් දුන්නා.....අනේ.....නුඹ..මට...වදන්...දුන්නා...මගෙ...ආශියෑන් .......

මං කෑ ගැහුවා....පපුවෙ රස්නෙ විතරක් ඉතිරි...මගෙ ඇස් ඉස්සරහම පන ගියපු මගෙ ආශියෑන්ව තුරුලු කරන් මම කෑ ගැහුවා....ගූසුවෙ කදු දෙදරන්න මම කෑගැහුවා.....

ආශියෑන් ....නුඹ මා හට වදන් දුන්නා නොවේද......නුඹ මාහට.....වදන්..දුන්නා..නොවේද...මගෙ..ආශියෑන් .......හැමදාමත් .....ඉර පායනවා බලන්න....පායපු  ඉර බහිනවා බලන්න...පුංචි පැටව් එක්ක අත් අල්ලන් දුරක් යන්න...උඹ..මා රැවටුවා...උඹ...මා...රැවටුවා....මගෙ....ආශියෑන් .....උඹ.....ට...තිබුනා.....උඹට.....අනේ....හ්...මගෙ....වස්තුව...ආශියෑන් .....

මම එයාව හොලව කෑ ගැහුවා....තවමත් අතේ පයේ ලේ තිබුන....මුලු මූනම මලානක වෙලා ගියපු මගෙ ආශින්ව හොලව හොලව මම කැ ගැහුවා.....මගෙ කට තියලා හුස්ම පිම්බා  .ඒත්....ඒත් මගෙ  වස්තුව නෙවෙ නැගිට්ටෙ. . ...

ආශියෑන් .....අම්මගෙ....වස්තුව ...නැකිටපන්....මගෙ....පුතේ......අම්මගෙ.....රත්තරනේ....නැකිටපන්...මගෙ.....පුතේ...ආශියෑන් ........නුඹේ දරුවො...වෙනුවෙන් .. ඇහැරියන්....ආශියෑන් ...........

මං අහන් උන්නා...එයාගෙ අම්මා නැකිටින්න කියලා කෑගහනවා...පුංචි උන් කිරි ඉලා ආඩා වැටෙනවා.........අචෙන් බලාගන ඉන්නවා.......ඒ හැමෝම බලන් උන්නා...මම අසරන උනා....ගියපු හුස්ම ආයම ගන්න මම නොකරපු දෙයක් නැතිවෙනකොට වේලෙලා ගියපු දෙතොල් වලින් මම හුස්ම පිම්බා......ඒත් මගෙ ආශියෑන් නෙවෙ ආයම හුස්ම ගත්තෙ....තවමත් කලවා මැදින් හිස් උන දරු ගැබේ රක්ත දියරය එලියට එනවා....ඇවිදින් අවසානෙදි එහෙම්ම කැටි ගැහුනා.....ඇහැකින් වැටුන කදුලු බිදුවක්  ..තනපුඩුවෙන් එලියට ආව කිරි බිදක් සදහටම ගල්වෙලා තියනකොට ලන් වංජිඋන මම අවසානම පාරට හැමෝටම ඇහැන්න මරලතෝනි ගැහුවා වගේම  යන්න ගියපු මගෙ ආශියෑන්ගෙ ආත්මෙ ආයම ගෙන්න ගන්න ගුචීනයෙ තත් වලට නිවනක් නැතිවම වද දෙන්න ගත්තා . .

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now