1️⃣8️⃣වන කොටස🐉

1.4K 388 188
                                    

තාත්තා මට තරවටු කරනකොට මම අම්මගෙ පපුව අස්සෙ මූන ගහගත්තා වගේම ඒ ටිකකිම්ම ඇද බරවෙනවා දැනුනා...

හී.......තා....ත්තා.......තාත්තත් අද මගෙ කුටියෙ....

මෙච්චර වෙලාම තරවටු කරපු තාත්තා ඊලග පාර ඇදට ඇවිත් මාව වගේම අම්මව තුරුල් කරගන්නකොට මම හොරා වගේ මීක් නොගා උන්නා....

ම්හුක්.......තාත්...තේ......

.................

විනාඩි පහක් දහයක් යනකනුත් හොරා වගේ උන්න මම අම්මගෙ පපුවෙන් මූන අහකට අරගන තාත්තගෙ පැත්තට හැරිලා ආයම මගෙ අඩු දෙක තාත්තගෙ ඇගට දාගන්න කොට මම කතා කරයි කියලා බයටද කොහෙද තාත්තත් හොරෙක් වගේ ඇස් වහන් උන්නා මිසක් වචනයක් නොකියා නිදිවගේ රගපෑවා

ම්ම්හුක්.....හරිම නින්දිතයි...කුඩා දරුවවනෙ මේ රවට්ටන්නෙ...

මහුක්....තා...ච්චෙ.....

මට බනිනකොට කැරපොතු ඇන්ටනා දෙකක් වගේ වෙන ඇහිබැම මෙවෙලේ හරිම සාන්තව තියනකොට මම ඒ උඩ මගෙ ඇගිලි ගෙනිච්චා ...කොයිවෙලෙත් පිරිමදින යටි රැවුල මගෙ කුඩා ඇගිලි වලින් එක එක අතට නවනකොට මං බලාගන එයා මට බැනගන්න බැරිව කට තද කරන් උන්නා වගේම අම්මගෙ ලෝගුවට අත දානවා හා සමානව තාත්තගෙ ලෝගුව අස්සට අත දාගත්තු මම එයාව ආයම කූරු ගාන්න ගත්තා ....

තා....ච්..චෙ....

මෙච්චර වෙලාම හොදට තාත්තෙ ගගා උන්න මම කුඩා අවධියේ හා සමානවම තාච්චෙ ගානකොට මගෙ මල වදෙන් බේරෙන්න බැරිව උඩ බෙලි අතට හැරිලා උන්න තාත්තා අනිත් පාර මූනින් අතට හැරෙනකොට මං ගිහින් තාත්තගෙ ඇග උඩට නැගන් දිගා උනා  

ම්හුක්.....

ආශියෑන්  ..ඇයි ඔය තාත්තට කරදර කරන්නෙ....

ම්හුක්....ආශියෑන්ව යුන්මෙන් යවන්න කියන්නකෝ ....

මං ආයමත්  මාව යුන්මෙන් යවන්න කියලා නහයෙන් අඩන්න ගත්තා උනත් මෙතනින් එහා අම්මා වත් තාත්තාවත් මීක් නොගා නිදි වගේ රගපානකොට මම කවුලු හිඩැස්වලින් එන හද එලිය දිහා බලන් උන්නා   ...අනිත් කාට නැති උනත් ගූසුවට නම් හැමදාම හද පායනවද කොහෙද .....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now