0️⃣7️⃣ වන කොටස🐉

1.7K 397 142
                                    

අශියෑ...න්...පරිස්සමින් ....පරිස්සමින් ...

ම්හුක්....අ..ම්මෙ....තාච්චා......දක්..කා...
තාච්චා.....දක්කනේ....දක්කනේ.. ..

අශියෑ....න්

ගහේ කරුවක ලෝගුවෙ බද පටියෙන් එල්ලිලා උන්න ආශියෑන් දෙදරන්න කෑගහනකොට දේශන ශාලාවෙ උන්න කනිෂ්ඨයො ඔක්කොම හුලන් කවුලුව ගාවට වට උනා..ඉස්සි ඉස්සි බලන අයද, හිනා වෙන්න ඕනා උනත් කිරෙන් ගෙ රැවුම් ගෙරවුම් නිසා හිනාව හිරකර ගන්න අයද, හොරෙන් කුටු කුටු ගාන අයද වෙනකොට මේ සතියට මේ ළමයා හින්දා මම කීපාරක් නම් බැනුම් ඇහුවද කියන්න මම දන්නෙ නෑ...

අම්මෙ..බත්තන්න....බත්..තන්න...ම්හුක්...

අශියෑන් ඔයා අකීකරු ඇයි මෙහෙම? අම්මා අදත් බැනුම් අහනවා....මං දන්නෙ නෑ අද නම් මම බේරන්නෙ නෑ .

කරුවෙ එල්ලිලා උන්න කුඩා අශියෑන්ව මම ගහෙන් බැස්සුවා වගේම කිරෙන් ඇවිත් දරුවට සැරෙන් තරවටු කරන්න කලින් මම තරවටු කෙරුවා නැතිනම් අම්මලා පුතාලා  දෙන්නටම ගූසු නීති පිටපත් කරන්න වෙනවා...ඒ උනත් මම හිතන්නෙ මම එයාව බේරගන්න හදපු එක අසාර්තක උනාද කොහෙද ....තාත්තා එනවා දැකපු ආශියෑන් ඉක්මනට මගෙ කකුල් අත් දෙකෙම්ම බදාගන ඔලුව  හංගගත්තා ..හරියටම වැලි අස්සට ඔලුව ඔබා ගත්තු පුංචි පැස්බර පැටියෙක් හා සමානවම ....

වූශියෑන් ......

...............

වූශියෑන් .....

කිරෙ..න්..ද...

මෙයිමෙයි...කරුනාකරලා එයාව එවන්න...

ගහ ගාව උන්න අපි ගාවට ආව කිරෙන් හැගිලා ඉන්න් ආශියෑන්ට කතා කෙරුවා උනත් හොරෙක් වගේ හැංගිලා ඉන්න ආශියෑන් මීක් නොගානකොට මම දරුවව බේරගන්න හැදුවා...ඒත් මට එයාට ඉහලින් කොහෙත්ම යන්න බැරි වෙනකොට මම මගෙ ගාව උන්න දරුවව කිරෙන් ගාවට යැව්වා

ආශියෑන් .....ඇයි මේ තරම් අකීකරු කම් කරන්නෙ.....

වංදියව...ඕනනෙ.....

වංජි පාඩම් වැඩ කරනවා.....ආශියෑන් ..දැන් කී දවසක් කට්ටි පැන්නද....නුඹ හෙට ඉදන් වහාම මා එක්ක එන්න ඕනා  .....

අපානෙ....

මොනවද එපා....නෑ ආශියෑන් නුඹ එන්න එන්නම චන්ඩ වගේම නාහෙට නාහන කොලුක් වෙනව...

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now