0️⃣4️⃣වන කොටස🐉

2K 445 178
                                    

කෝ දෙන්න මං ආශියෑන්ව වඩා ගන්නම්....

හරිම අමාරුවෙන් අත් දෙකෙම්ම මිරිකගන ඉන්න ආශියෑන්ව මම වඩා ගන්නකොට මෙච්චර වෙලාම ඒ කුඩා මූන කෙල වලින් නාවන ගමන් වගේම කෙස්  අහුරක් අතින් මිරිකන් උන්න ආශියෑන් අවසානෙදි කුඩා වංජිව අඩවගනම කෙස් රොදක්ම ගලවගත්තා ....

යෝ....ආශියෑන් . ..ඇයි ඔච්චර චන්ඩ     ...ඔයා වංජිව රිදෙව්වා....

ආශියෑන්ගෙ රෝස පාට  සිගිති අත පිරෙන්න කුඩා වංජිගෙ හිස කෙස් අහුරක්ම තියෙද්දි මීට තත්පර ගානකට කලින අඩන්න හදපු අමාරුවෙන් නලවගත්තු කුඩා වංජිගෙ මූන තත්පර ගානකින් රතුවෙලා කම්මුල් දිගේ කදුළුකැට කඩා වැටෙන්න ගත්තා .... මෙච්චර වෙලාම පිපුන සුදුනෙලුම පරවෙලා ගියා වගේ ඒ කුඩා මූන වේදනාවට මැලවිලා යනකොට මම එයාගෙ ඔලුව අත ගෑවා.....

සමාවෙන්න ....සමාවෙන්න වස්තුව......නාඩා ඉන්න මගෙ වංජි...ආශියෑන්ට තේරුමක් නෑ......

වංදිට...සිදුනා..නේ....සි..දු...න...නේ....

තවම නමවත් හරියට කියා ගන්න බැරි කුඩා වංජි ආයමත් ඔලුව අත ගගා දුක මතක් කරනකොට කිරෙන්ට හොයන්න බැරිවෙන්න මම චන්ඩ කම් කරන මගෙ මුරන්ඩු ආශියැන්ව ඇගිලි දෙකකින් හෙමින්  කොනිති ගහනකොට පුංචි රැහැයියා මුලු ගූසුවම හෙලවෙන්න කෑ ගැහුවා....

අයි....අයි....ආති...යෑන්...අඩන්...නේ....අයි.......

අනේ..වස්තුව ......මෙච්චර වෙලාම අකුරු අහුල අහුල වංජිට රිදෙනවා ගාපු කුඩා වංජි මගෙ ආශියෑන්ගෙ කදුලු එක්ක ආශියෑන් අඩන්නෙ ඇයි ගානකොට මම ලමයට උත්තර දෙන්න බොරුවක් හෙව්වා.......

ආශියෑන් අඩන්නෙ...අපේ වංජි අඩන නිසා.....ආශියෑන් කැමති නෑනෙ වංජි අඩනවට.......ඉතින් අපේ වංජිට දුක හිතුනම  ආශියෑන්ටත් දුක හිතෙනවනේ....

අඩන ආශියෑන්ව නලව නලව ආශියෑන් හින්දා කදුලු හිරකරගන්න හදන කුඩා වංජිගෙ තෙත කම්මුල් මම මගෙ සිනිදු අත් පිස්නාවෙන් පිහිනකොට ආශියෑන් මගෙ මූනට ගැහුවා...

මහ මුරන්ඩු කොල්ලෙක්...

ආතියෑන්ට...අඩන්න...අපා....කිය..න්න.....අඩන්...න...අපා...කියන්න......වංදිට...දුක...නෑනෙ.....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now