😈Chapter 3 😈

2.1K 433 135
                                    

Chapter 3

👈

"මාස්ටර් කෝල් එකක්... "

"ගනින් හු%#@  තොට පේන් නෑද මං වැඩක් කියලා... "

යීබෝ කෑ ගැහුවේ ජාන් දිහා බලාගෙනම කේන්තියෙන්...

"මාස්ටර්.... ලෙලේ අන්කල්ගෙන්... "

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

කුවාන් කියද්දී මෙච්චර වෙලා ජාන්ගේ දිහා හැරිලා තිබුන යීබෝගේ තියුණු ඇස් එහෙන්ම හැරුනේ කුවාන් දිහාට.. යීබෝගේ අතට තද වෙලා තිබුන පිස්ටල් එක බුරුල් වෙද්දී යීබෝ කුවාන් දිහාට හැරුනේ ජාන්වත් අමතක වෙලා...

යීබෝගේ අවදානේ වෙන පැත්තකට හැරුනා කියලා තේරුන ජාන් ඉක්මනින් ක්‍රියාත්මක උනා..

හිතන්නවත් කාලයක් නොදී යීබෝගේ අතින් අල්ලලා අඹරලා අනිත් පැත්ත හරෝලා යීබෝව ජාන්ගේ ඇගට හේත්තු කරගත්තේ පිස්ටල් එක කෙලින්ම යීබෝගේ ඔලුවට තියලා තද කරගෙන...

ආයෙත් හැමෝගෙම පිස්ටල් ජාන්ට දික් උනේ කුවාන්ගේ පිස්ටල් එකත් කෙලින්ම ජාන්ව aim කරද්දී.. ඒත් ජාන් යීබෝගෙන් කවර් වෙලා හිටිය නිසා කවුරුත් වෙඩි තිබ්බේ නෑ.. ඒ වගේම ජාන්ගේ පිස්ටල් එක යීබෝගේ නලලට තද වෙලා තිබුන නිසා හැමෝම පරිස්සම් උනා.. ජාන් හැමෝම දිහා බලලා කට කොනකින් හිනා උනා...

"උබලා එකෙක් හරි ශූට් කලොත් එක්කෝ ඒක උබලගේ බොස්ට වැදෙන්න පුලුවන්.. නැත්නම් මගේ පිස්ටල් එකේ බුලට් එකක් උබලගේ මහ ලොකු මාස්ටර්ගේ ඔලුව පසාරු කරගෙන යන්න පුලුවන්.. "

ජාන් හෙමින් ඒත් තර්ජනාත්මක හඬකින් කියද්දී හැමෝම එයාලගේ පිස්ටල් තව තද කරලා අල්ලගත්තා...

"උබ.... උබ දන්නවද මිනිහෝ මං කවුද කියලා.. උබ මොන හයියකින්ද මගේ තැනට ඇවිත් මට පිස්ටල් එක තියන්නේ... උබ දන්නවද.. එක තප්පරේකින් උබ පෙනේරයක් වගේ වෙන්න බුලට් උබේ ඇග පසාරු කරගෙන යයි... "

යීබෝ කිව්වේ කේන්තියෙන්.... ඒත් ඒක කියද්දී ජාන් තව යීබෝගේ අත කරකෝලා තද කරලා අල්ලගත්තේ යීබෝගේ අත වේදනා දෙද්දී...

"Of course මං දන්නවා මිස්ටර් වන්ග් යීබෝ... උබ කියපු විදිහට මේ cassino එක අයිති උබට.. ඒ කියන්නේ.. වන්ග් ෆැමිලි එකේ අනාගතේ.. මිස්ටර් වන්ග් යීබෝ.. එහෙම නැත්නම් මාස්ටර් ලියෝ... "

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now