😈chapter 12😈

2.4K 409 152
                                    

Chapter 12

👈

"මැරෙච්ච මිනිහෙක්ගේ ගෙදර බෙල් එක ගහන්න පිස්සුද ජාන්.. "

යීබෝ අහද්දී ගෙදර දොරේ ලොක් එක ඇරලා කෙනෙක් එලියට එද්දී ජාන්ගේ කට කොනින් හිනාවක් ඇඳුනා...

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"Hello... Mr.jin.... "

ජාන් ඇහුවේ හිනාවත් එක්කමයි.. හැබැයි ඒ මනුස්සයා දෙන්නම දිහා මාරුවෙන් මාරුවට බැලුවේ ප්‍රශ්නාර්ත බැල්මකින්.. යීබෝ වගේම ජාන් පිලිවෙලට ෆුල් සූට් ඇඳලා හිටියේ මාස්ක් දාගෙන..

"Ohh.. sorry Mr.jin.. I'm detective sean.. මං තමයි මිස් xue yiගේ කේස් එක භාරව ඉන්නේ... එතකොට මේ මගේ පාට්නර්.. ලියෝ...."

"අහ්... අහ්..ම්ම්.. මිස්‍ටර් සීන්.. පොලිසියෙන් මට උදේම කෝල් කරලා කිව්වා අද පරීක්ෂණේකට අපාට්මන්ට් එකට එනවා කියලා... "

"අපි ඇතුලට ගිහින් කතා කරමූ නේද ජින්.."

"ඔව් එන්න ඩිටෙක්ටිව් සීන්... එන්න සර්.. "

ඒ මනුස්සයා දෙන්නටම කතා කරල ඇතුලට එන්න කියලා ඉස්සර වෙද්දී ජානුයි යීබෝයී පස්සෙන් ආවා...

"බලන්නකෝ අපේ  ලුතිනන් ශූ යැන්ග් අපිට කොච්චර ලොකු උදව්වක්ද කරලා තියෙන්නේ කියලා යීබෝ.. උදේම අපි එනවා කියලා දැනුම්දීලා... "

ජාන් යීබෝගේ කනට කරලා කිව්වේ ඇතුලට යන ගමන් වටපිට බලලා.. මුලු ගෙදරම හොඳට අස් කරලා තිබ්බා...

"වාඩි වෙන්න... ඩිටෙක්ටිව් සීන් බොන්න මොනාද හදන්නේ... "

ඒ මනුස්සයා අහද්දී ජාන්ගේ මූණට මලක් පිපුනා වගේ ලස්සන හිනාවක් ආවා...

"අනිවාර්‍යෙන්ම බ්ලැක් කෝපි එකක් මිස්ටර් ජින්... "

"එතකොට මේ සර්ට..... "

ජින් යීබෝ දිහා බලලා අහද්දී යීබෝ හිටියේ අත මිටමොලවන් රවාගෙන ජින් දිහා බලාගෙන.. ඒත් මුකුත් කිව්වේ නෑ..

"අහ්.. ආ.... එයාට කූල් මොනා හරි ගේන්න... "

ජාන් මෝඩ හිනාවක් දාලා කිව්වේ යීබෝගෙන් උත්තරයක් නැති නිසා.. අනික ජාන් මේ දවස් ටිකට දැනගෙන හිටියා යීබෝ කෝපි බොන්නේ නෑ කියලා..

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now