😈chapter 24😈

1.9K 382 70
                                    

Chapter 24

👈

ඒ දවස් තුන ඉවර වෙලා ආයේ දෙන්නාම ගෙදර එන්න ෆ්ලයිට් එකට නැග්ගා...

"ඕනි මඟුලක් වෙච්ච දෙන් කියලා මට උබවත් අරන් කොහේ හරි පොඩි රටක ගමකට ගිහින් හැංඟෙන්න හිතෙනවා ජාන්.... "

යීබෝ එහෙන් පිටත් වෙද්දී කියද්දී ජාන් මුකුත් නොකියා ලොකු හුස්මක් පිට කලේ ඒකම එයාටත් හිතුන නිසා.....

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"කුවාන් ප්‍රශ්නයක් උනේ නෑ නේද... "

"නෑ මාස්ටර්.. ඔක්කොම හොඳින්.. කවුරුත් දන්නේ නෑ මාස්ටර් එලියට ගියා කියලා.. "

"ම්න් ගුඩ්.. "

"පෙරේදා ඩොක්ටර් ආවා.. තුවාලේ කොහොමද බලන්න කියලා.. මං බොරුවට මාස්ටර් සීන්ට කෝල් කරනවා වගේ ඇක්ට් කරලා අමාරුවක් නෑ කියලා හරවලා යැව්වා මාස්ටර්.. "

"ම්න්.. "

එලියට ආපු විදිහටම දෙන්නාම ආයේ ඇතුලට යද්දී කුවාන් එක්ක කතාවට වැටුනා..

"කුවාන් අපි ගෙදරට ගියාට පස්සේ පැයකින් විතර ඩොක්ටර්ට එන්න කියන්න..."

"හරි මාස්ටර් සීන්... "

ගේ ඇතුලට ගියන් ජාන් wash එකක් දාගෙන යීබෝවත් තුවාලේ නොතෙමෙන්න පරිස්සමට හේදෙව්වා..

දෙන්නාම සැහැල්ලු ඇඳුමකට මාරු වෙලා පහලට ආවේ ඩොක්ටර් එනකන්..

දවස් තුනකින් ජාන්ට කෝපි එකක් බොන්න නැතුව හිටියේ පිස්සු වගේ.. ඉතින් ජාන් කෝපි දෙකක් ගෙනත් එකක් යීබෝට දීලා එයා එකක් බොන ගමන් වාඩි වෙලා හිටියේ ඩොක්ටර් හිටියේ..

"මාස්ටර් ඩොක්ටර්... "

ගේට් එකේ බෙල් එකත් එක්ක ඇහෙද්දී යීබෝ ගේට් එක ඇරියා... ඩොක්‍ටර් කෙලින්ම ඇතුලට ඇවිත් දෙන්නාටම ඔලුව නමලා ආචාර කලා...

"මාස්ටර්... "

"වාඩි වෙන්න ඩොක්ටර්... "

"මං පෙරේදා ආවා මාස්ටර්.. තුවාලේ සුද්ද කරන්න ඕනි නිසා... "

ඩොක්ටර් කිව්වේ එතනින් වාඩි වෙලා..

"ඔව් මට කුවාන් කිව්වා.. ඒත් මට ලොකු අමාරුවක් තිබ්බේ නෑ ඩොක්ටර්. මුල් දවස් දෙකේ සැරින් සැරේට උණ ගත්තා.. painkiller එකට වේදනාවත් අඩු උනා.. "

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now