😈 chapter 4 😈

2.1K 421 73
                                    

👈
ඒ එක්කම පුටුව යීබෝගේ පැත්තට හැරෙද්දී යීබෝට වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ටුනේ අත් මිට මෙලවෙද්දී..

"Hello Master Wang Yibo.. I'm Detective Sean Xiao Zhan... Nice to meet you.. "

ජාන් කිව්වේ නැගිටලා කට කොනකින් හිනා වෙලා යීබෝට අත දික් කරලා.. යීබෝ නම් හිටියේ කේන්තියෙන් පුපුරන ඇස් දෙකකින් ජාන් දිහා බලාගෙන...
👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

කට කොන ඇඳුන හිනාවත් එක්ක ජාන් යීබෝ දිහා බලන් ඉද්දී යීබෝ නම් හිටියේ අත් මිට මොලව්න් දත් මිටි කන ගමන් ජාන් දිහා බලාගෙන....

ජාන් කියන්නේ මනුස්සයෙක්ගේ හැඟීම් නිරීක්ෂණය කරන්න දක්ෂ වගේම ආස කෙනෙක්.. එයාගේ විනෝදාංශය උනෙත් ඒක.. ජාන්ගේ ඇස් යීබෝගේ මුලු ඉරියව්වක් පුරාම ගියා...

රතු වෙච්ච ඇස්.. දැඩි තීක්ෂණ බැල්ම.. දත් මිටි කන නිසා හෙල්ලෙන හකු.. රතු උන මූණ.. බෙල්ලේ පවා නලියන නහර.. තදින් තද වෙච්ච අත... නහර පෑදුන අත් තව තව තද වෙන විදිහ.. ඒ වගේම වේගෙන් හුස්ම ඉහල පහල කර යීබෝ දිහා හොඳට බලපු ජාන් දික් කරන් හිටිය අත ආයේ ගත්තේ යීබෝ දිහා බලලා කිණ්ඩියට හිනා වෙන ගමන්...

"මාස්ටර් යීබෝ... ඔයා එහෙනම් මගේ කකුල් දෙක ලඟට ආයේ ආවා... මං හිතනවා මාස්ටර් යීබෝ agreement එක හොඳට කියවලා sign කරන්න ඇති කියලා.. "

ජාන් හෙමින් ඒත් දැඩි හඬකින් කියද්දී මෙච්චර වෙලා ඉවසන් හිටිය යීබෝට තව ඉවසන්න බැරි උනා... එක තප්පරෙන් මේසේ උඩින්ම එහා පැත්තට ගිය යීබෝ කෙලින්ම අල්ලගත්තේ ජාන්ගේ බෙල්ලෙන්...

එහෙන්ම අල්ලගෙන පස්සට ගිය යීබෝ ජාන්ව බිත්තියට හේත්තු කරලා බෙල්ල තද කරලා අල්ලගත්තා...

ඒත් රතු වෙලා තිබුන ජාන්ගේ මූණේ තවමත් තිබුනේ අර හිනාව.. ඒ හිනාව යිබෝගේ කේන්තිය තව වැඩි කරද්දි බෙල්ල තව තද කරලා අල්ලගත්තේ ජාන්ගේ හුස්ම හිර කරද්දී...

"උබ.. කියපන්... උබට මොනාද මගෙන් ඕනි.. ආ... මොනාද උබට ඕනි... ?? මං චීනේට ආපු දවසේ ඉදන් උබ මගේ ඉස්සරහට එන්නෙ මොකටද... ?? ආ...හ්.. කියපන් උබට මොනාද ඕනි... ?? "

යීබෝ කෑ ගැහුවේ කේන්තියෙන්... ටික වෙලාවක් යීබෝ දිහා අමාරුවෙන් බලන් හිටිය ජාන්ගේ බෙල්ල තව තද වෙද්දී ජාන්ට කැස්සක් ආවා.. ඒත් ඒ කැස්ස එක්කම ජාන් හයියෙන් හිනා වෙන්න ගත්තේ යීබෝගේ කේන්තිය තව අවුස්සන්න....

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now