😈Chapter 40😈 (THE END)

3K 446 253
                                    

Chapter 40 (The End)

.
.
.
.

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

ආදරේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්.. ආදරේට මේ ලෝකේ කරන්න බැරි දෙයක් තියෙද....

ආදරේට පුලුවන් කලු ගලක් උනත් දිය කරන්න.. හරියට හදවතක් නැති.. හිතක් පපුවක් නැති.. ගල් හිතක් තිබුන.. හිනා කලඳක් නැති.. ආඩම්බරකාර ලෝකෙම නම කිව්වත් බය වෙන මාස්ටර් ලියෝගේ ඒ ගල් හිත එයා වගේම ආඩම්බර සෙල්ලක්කාර නපුරු සල්ලි විතරක්ම ජීවිතේ කරගත්ත ඩිටෙක්ටිව් සීන් දිය කරලාම දැම්මා වගේ....

ආඩම්බර හිත් දෙකක්.. නපුරු හිත් දෙකක්.. දඩබ්බර හිතුවක්කාර හිත් දෙකක්.. ආදරේ කියන්නේ මොකක්ද කියලවත් නොදන්න සෙල්ලක්කාර හිත් දෙකක්... කවදාවත් ගැලවෙන්න බැරි තරමටම ආදරේ නාමෙන් බැඳුන අපූරුව දැක්කද...

ආදරේ කියන්නේ අනිත් කෙනා වෙනුවෙන් වෙනස් වෙන එකම නෙමෙයි.. නොගැලපීම් ගලපගෙන තමුන්ගේ ඇත්ත චරිතෙට ආදරේ කරන එක.. තමුන්ට තමුන්ම වෙන්න නිදහස දෙන ආදරයක් කියන්නේ ඒ බැඳීම් හරි ශක්තිමත්.. ආදරේ නිසා කවදාවත් මාස්ටර් ලියෝ ඩිටෙක්ටිව් සීන්ටවත් ඩිටෙක්ටිව් සීන් මාස්ටර් ලියෝටවත් වෙනස් වෙන්න කිව්වේ නෑ.. එයාලා ආදරේ කලේ එයාලගේ ඇත්ත චරිතෙටමයි..

වචන වලින් කරන ආදරෙට වඩා සමහරක්විට දැනෙන්න කරන ආදරෙ හරි ගැඹුරුයි.. හුරතල් බොලඳ ආදරයක් වගේම ආඩම්බර නපුරු ආදරයක් අස්සෙත් නොපෙන්නුවට ආදරේ පිරිලා ඇති...

හැම වෙලාවෙම මැණික රත්තරන් වස්තුව බබා කියලා කතා කරනවා වෙනුවට උබ බන් බොලං කියලා කතා කරගන්න ආදර කතාවක් අස්සේ, ඉදලා හිටලා 'මහත්තයෝ' කියලා කතා කරද්දී ඒ ආදරේ හදවතටම දැනෙනවා ඇත්තේ හදවතේ හිර කරන් ඉන්න ඒ මුලු ආදරේම ඒ වචනේ අස්සෙන් එලියට එන නිසා වෙන්න ඇති...

හැම වෙලේම තුරුල් කරන් හුරතල් නොකලට.. හැම වෙලේම ඉඹ ඉඹ ආදරේ නොකලට ඉදලා හිටලා කරන පොඩි පොඩි දගකාරකම් ඊරිසියාකාරකම් නපුරුකම් වගේම රාගය අස්සෙන් හිර වෙලා පිට කරන ඒ වෙනස් ආදරෙත් එක්තරා විදියක ගැඹුරු ආදරයක් වෙන්න පුලුවන්..

හරියට මාස්ටර් ලියෝගෙයි ඩිටෙක්ටිව් සීන්ගෙයි ආදරේ වගේ....

වෙනස් ආදරයක්.. දරදඩු ආදරයක්.. නපුරු ආදරයක්... ඒත් හරි ගැඹුරු ආදරයක්...

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now