😈Chapter 7😈

2.2K 409 137
                                    

Chapter 7

👈

"මුලින්ම කාවද මිස්ටර් ජාන් හම්බෙන්නේ.."

"අපි ඩොක්ටර්ව හම්බෙමූ.. "

ජාන් කියද්දී යීබෝ කට කොනකින් හිනා වෙලා ජාන් එක්ක ගිහින් එක දොරක් ඇරියේ ජාන්වත් එක්කන් ඇතුලට යන ගමන්..

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

ඒක තනිකරම හිස් කාමරයක්.. අයිනක තිබුනා පොඩි පුටුවක්.. ඒකේ හිටියේ ඇස් දෙකයි අත් දෙකයි ගැටගහලා දාලා තිබුන මිස්ටර් වන්ග්ට බෙහෙත් කරපු ඩොක්ටර්.. කලු පාට පටියකින් ඇස් දෙකත් ගැට ගහලා තිබුන නිසා එතන ඉන්නේ කවුද කියලා ඩොක්ටර්ට පෙනුනේ නෑ..

ඩොක්ටර්ව දැක්කම ජාන්ගේ කට කොනින් හිනාවක් ආවා..

"Hello Dr. Liu.. "

ඒ ජාන්ගේ කටහඬ.. ජාන් කතා කලේ යීබෝට කතා කරන්න එපා කියලා අගිල්ලක් තොල් වලින් තියලා සන් කරන ගමන්..

"ක්... කවුද... උබ.. ?? "

"ශ් ශ් ඩොක්ටර්.. බය වෙන්න එපා.. ඩොක්ටර්ගේ වරදක් නැත්නම් අපෙන් කරදරයක් නෑ... "

ජාන් කිව්වේ අයිනක තිබුන සෝෆා එකෙන් වාඩි වෙන ගමන්...

"ඩොක්ටර්... මට පොඩි ප්‍රශ්න වගයක් අහන්න තියෙයි.. මට ඇත්ත කියන්න පුලුවන්ද.. "

ජාන් ඇහුවේ සන්සුන් හඬකින්..

"මො.. මොනාද උබට දැන්ගන්න ඕනි.. "

ඩොක්ටර් අහද්දී ජාන් යීබෝ දිහා බලලා ඇහැක් ගැහුවා.. යීබෝ නම් ජාන්ට රවලා අහක බලාගත්තා.. යීබෝ මේක දිහා බලන් හිටියේ පැත්තකට වෙලා හිටගෙන..

"ඩොක්ටර්... මේක මිස්ටර් වන්ග්ගේ මරණෙ සම්බන්දව... "

ජාන් කිව්වේ සෝෆා එකෙන් නැගිටලා ඩොක්ටර් ඉන්න හරියට ගිහින්.. ඒ පුටුව වටේ හෙමීට කැරකෙන ගමන්.. ඒත් ඩොක්ටර්ගෙන් උත්තරයක් නෑ.. ජාන් කට කොනකින් හිනා වෙලා ඩොක්ටර්ගේ ඉස්සරහා ඇණ තියලා වාඩි උනා...

"ඩොක්ටර්... කොච්චර කාලෙක ඉදන්ද මිස්ටර් වන්ග්ට බෙහෙත් කරන්නේ... "

"අවුරුදු පහක ඉදන්.. "

"මරණෙට හේතුව..."

"Heart attack.. "

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now