😈chapter 10😈

2.2K 402 148
                                    

Chapter 10

👈

"ඉතින් අලුත බැඳපු ජෝඩුවකට ඕනි නිදහස ඇති වෙන්න ඒකේ තියෙයිනේ... specialy මේ වගේ සුපිරි කොල්ලෝ දෙන්නෙක්ට මේවා හරියන් නෑ.. දූපතක් තමයි හරියන්නේ... "

සීයා පපා golden palace එක ඇස් වලින් පෙන්නලා කිව්වේ ඇහැකුත් ගහලා...

👉

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

"මොනාද මහත්තයා මේ කියන්නේ... කොල්ලෝ දෙන්නට ලැජ්ජත් හිතුනා... "

ග්‍රැනී කිව්වේ මෝඩ හිනාවක් දාගෙන උනත් රතු වෙලා හිටිය යීබෝයි ජානුයි දිහා බලලා...

"ඇයි නෝනා මුන් බබාලද... දැන් තනියම නින්ද යන්නෙත් නෑලු... "

සීයා පපා කියද්දි ග්‍රැනී තව රතු වෙද්දී කුවාන් නම් එතනින් එහාට ගියෙ තවත් එතන හිනාව පාලනය කරගෙන ඉන්න අමාරු වෙද්දී...

"ආ... මෙන්න යීබෝ කී එක... අන්න කාර් එක... ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ.. දවස් දෙකක් තනියම නිදහසේ ඉන්න දෙන්නා එක්ක... "

සීයා පපා කිව්වේ කුවාන් එතනින් බුගාටිය නතර කරද්දී.... යීබෝයි ජානුයි නම් හිටියේ මූණට මූණ බලාගෙන...

"සීයා පපා අපිට මේක හොඳයි.... අපි මේකේ.... "

"යන්න දැන්... "

යීබෝයි ජානුයි බෑමයි කියලා නහයෙන් අඬද්දී මරන්න ගෙනියම හරක් දෙන්නෙක් වගේ අමාරුවෙන් දෙන්නවම බලෙන් කාර් එකට නැග්ගුවා...

"කුවාන්.. මෙයාලව බස්සලා ඔයා එන්න.. මේ දවස් දෙක golden palace එකේ ඉන්න මේක බලාගෙන... "

සීයාපපා කියද්දී කුවාන් හා කියන්න ඔලුව වැනුවා.. යීබෝ හිටියේ රවාගෙන කුවාන් දිහා බලාගෙන.... කාර් එක එතනින් පිටත් උනේ ග්‍රැනී නම් ලැජ්ජාවේ උනත් උඩ පැන පැන අත වනද්දී..

"කුවාන් මේ... සීයා පපා ගියාම තමුසේ එහාට එනවා ඈ... "

යීබෝ කියද්දී කුවාන් මුකුත් නොකියා හිනා උනා...

"මොකෝ හිනා වෙන්නේ තමුසේ... මං කියපු දේ තේරුනාද... "

"ඔව් ඔව් මාස්ටර්.... "

යීබෝ ආයේ කෑ ගහලා අහද්දි කුවාන් ඔව් කිව්වා...

ටිකක් නගරෙන් එහාට වෙන්න තිබ්බ පොඩි කැලයක් මැදින් ගිහින් කාර් එක නතර කලේ ලොකූ විලක් ලඟ... ඒක මුහුදක් තරම් ලොකු විලක්...

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now