😈Chapter 39😈

2.1K 358 121
                                    

Chapter 39

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

මසකට පසු.....

.
.

"යීබෝ... ඇඳුම් ඔක්කොම පැක් කරගත්තද... මාසෙකට ඈ... "

"හරි හරි... පැක් කරලා තියෙන්නේ... "

"පැක් කරලා තියෙන්නේ කියලා ගියාට පස්සේ ආයේ මගේ ඇඳුම් එහෙම ඉල්ලන් ආවොත් බලාගන්නම්කෝ...."

"අනේ මට තමුසෙගේ ඒවා ඕනි නෑ.. මං අරගත්තා.. කීයටද flight එක..?? "

"අද හවස.... "

"අපේ pvt jet එක තියෙද්දී තමුසෙ මොකටද ඔය public flight වල යන්න දාගත්තේ..?? "

"තමුසෙගේ ආසාවනේ... "

"මගේ..?? මොකක්ද...?? "

"ඇයි මතක නෑද යීබෝ.. ඔයාටනේ ඕනි කිව්වේ.. සාමාන්‍ය ජීවිතේට තමයි මං ආසම... මට ඕනි ඈත ගමක අපි දෙන්නා තනියම නිදහසේ ඉන්න.. අරකයි මේකයි කිව්වේ මතක නෑද...?? "

"ඉතින්...?? "

"ඒකට තමයි අපි මේ යන්නේ..... "

ජානුයි යිබෝයි හිටියේ ඇඳුම් කන්දක් ඇඳ උඩ දාගෙන බෑග් වලට පැක් කරන ගමන්..

"ආව්... ආව්.... මාසයක් හනීමූන්... ලේසි නෑ නෙහ්.. ලෑස්තිද දැන්...?? "

ඒ එක්කම කඩාගෙන බිඳගෙන කාමරෙ ඇතුලට ආවේ ජැක්සන්...

"මැනර්ස් නෑද යකෝ.. අලුත බැඳපු ජෝඩුවක් ඉන්න කාමරෙකට ඔහොම යනවද.. "

ජැක්සන්ගේ පස්සෙන් කාමරෙට ආවේ කුවාන්...

"අනේ මුන්ගේ අලුත බැඳපු.. ඊයේ ලෝකෙට පේන්න බැන්ඳට දැන් බැඳලා අවුරුද්දකටත් ලඟයි.. හනිමූන් යනවලු.. යන්න තව දෙයක් ඉතුරු වෙලා තියෙද දන් නෑ... "

කුවාන්ගේ පිටිපස්සෙන් මාකෝත් කාමරේට එද්දී යීබෝයි ජානුයි නම නම හිටිය ටී ශර්ට් එකත් අතේ තියාගෙන මේ තුන් දෙනා දිහාම බලන් හිටියේ රවාගෙන...

"ගගෝ..... ගගෝලා... ඔයාලා... "

*දඩාස්*

"ඊව්ව්ව් දුශ්ටයා... ඇරපියකෝ මේක..."

පිටිපස්සෙන් ඈනුයි යීයි මිශෙලුයි තුන් දෙනත් කෑ ගහන් එද්දිම ජැක්සන් ගිහින් දඩස් ගාලා දොර වහලා දැම්මා..

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now