😈chapter 8😈

2.2K 441 243
                                    

Chapter 8

⚠️️spoiler chapter එක මේකට අදාල නෑ.. ආයෙත් chapter 7 ඉවර කරපු තැන ඉදන්... ⚠️️

👈

"ග්‍රැනීලගේ ගෙදර යමූ.. ප්‍රශ්නයක් නෑ නේද මිස්ටර් ජාන්.. "

යීබෝ අහද්දී වෙන කල්පනාවක හිටිය ජාන්ව ගැස්සුනා..

"ආ..හ්. ආ... කමක් නෑ යමූ මිස්ටර් යිබෝ.. "

ජාන් කියද්දී කුවාන් කාර් එක යීබෝගේ සීයා පපාලගේ ගේ පැත්තට යන්න හැරෙව්වා..

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

ටිකකින් කුවාන් ගිහින් නතර කලේ තව ලොකු ගෙදරක... ඒක නම් යීබෝගේ golden palace එක වගේම ලොකු ගෙයක්. වන්ග් පැලස්... මේක තමයි වන්ග්ල්ගේ පරණම ගෙදර.. ඒකේ දැනට ඉන්නේ ග්‍රැනී විතරයි.. සීයා පපා එන දවසට ඉන්නෙත් මෙහෙ..

වෙනසක් නෑ එහෙත් කාර් එක නතර කරපු ගමන් මිනිස්සු දෙන්නෙක් දොරවල් අරිද්දී ජාන් වගේම යීබෝත් කුවානුත් කාර් එකෙන් බැස්සා.. ඉස්සරහින්ම යීබෝ යද්දී ඊට පිටිපස්සෙන් ජාන් ගියේ වටපිට බල බල... කුවාන් ඒ දෙන්නගෙම පස්සෙන් ගියා..

ගිහින් යීබෝ සාලෙන් නැවතුනා.. යීබෝගේ ග්‍රැනී හිටියේ එතන තිබුන හොඳ සැපපහසු පුටුවක ඉදගෙන මොනාදෝ ගොතන ගමන්...

"ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආ.... ඉලන්දාරියා ආවද... වාඩි වෙන්න.. "

ග්‍රැනී කිව්වේ යීබෝ දිහා බලලා.. යීබෝට පිටිපස්සෙන් ඉන්න ජාන්වත් දැක්කම ග්‍රැනීගේ මූණට ලා හිනාවක් ආවා...

"ආ... ජාන් පුතාත් ඇවිත් ඉන්නේ.. ඒක හොඳයි.. ඇවිත් වාඩි වෙන්න දෙන්නම.. සීයා පපා එයි ටිකකින්.. "

ජාන් වගේම යීබෝත් එතනින් වාඩි වෙද්දී කුවාන් ඇවිත් දෙන්නගෙම මැදින් පිටිපස්සෙන් හිටගත්තා...

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now