😈Chapter 20😈

2.3K 388 116
                                    

Chapter 20

👈

හරියටම නවය වෙද්දී යීබෝ conference room එක ඇතුලට ගියා.. golden mafia එකේ ඔක්කොම capoලා එතනට ඇවිත් හිටියා.. යීබෝ ඇතුලට එද්දීම හැමෝම ඔලුව නමලා යීබෝට ආචාර කරද්දී යීබෝ සුපුරුදු සීතල පෙනුමෙන්ම ගිහින් එයාගේ සීට් එක ලඟ හිටගත්තා...

මේ අතරේ ජාන් හිටියේ අනිත් රූම් එකේ.. වටේම තියෙන display වලින් හැමෝගෙම මූණු පෙනෙද්දී ජාන් head set එක ගහගෙන ඊයේ යීබෝ දීපු gold spinner එක අතට අරන් පුටුවට ඇල උනා....

👉

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

" Good Morning Master"

හැමෝම යීබෝට ගුඩ් මෝනින් කිව්වත් හැමෝටම පොඩි හිනාවක් දීලා යීබෝ වාඩි වෙන්න කියලා අතින් කියද්දී අනිත් අය වාඩි උනා.. මිස්ටර් කිරන් හිටියත් අවුරුදු පහක ඉදන් යීබෝ තමයි මේවා පාලනය කලේ.. ඒ නිසා යීබෝගේ මේ ගතිගුණ හැමෝටම සාමාන්‍ය උනා...

"හිනා වෙලා කතා කරන්න කිව්වම මූ බූරුවෙක් වගේ ලොකුකම් පානවනේ... කමක් නෑ බලමුකෝ.. "

ජාන් එහා රූම් එකේ ඉදන් තනියම කියවන ගමන් හිටියේ යීබෝටත් රව රව..

"ඉතින් මං ලොකු කාලයක් අරන් මේක ඇඳන් යන්න ඕනි නෑ.. මොකද මගේ යටතේ වැඩ කරන්න ඕනි කෝමද කියලා මං කියාදෙන්න ඕනි නෑනේ.. "

"ඔව් මාස්ටර්... "

යීබෝ ටිකක් ගැඹුරු තියුණු හඬකින් ඇහුවේ සුපුරුදු සීතල නපුරු බැල්මෙන් හැමෝම දිහා බලාගෙන..

"ම්න්...මුලින්ම ගොඩක් ස්තූතියි.. මේ අවුරුදු පහ මගේ සීයා පපා ඉද්දී උනත් මගේ යටතේ හොඳින් වැඩ කලාට.. ඉස්සරහටත් එහෙම වැඩ කරන්න ඉල්ලනවා.. මොකද මේ අවුරුදු පහේ ඔයාලගේ කැපවීම නිසා අපේ ආදායම දෙගුණකින් වැඩි වෙලා තියෙනවා.. කිසි කෙනෙක්ට අපිව වට්ටන්න බැරි තැනට.. ඉතින් මේක අපිට ලොකු ජයග්‍රහණයක්.. විශේෂයෙන් ඔයාලව කැඳෙව්වේ ඒකට ස්තූති කරන්න... "

යීබෝ කිසි විශේෂයක් නැතුව කිව්වේ ජාන් හදලා දුන්න බොරු දත්ත එක්ක හදපු presentation එක ඇත්තම විදිහට කියන ගමන්.. ඇත්තම situation එක ආදායමෙන් භාගෙකටත් වඩා අඩු උන එක උනත් මේකේ දෙගුණයක් වැඩි කරලා ජාන් හදලා තිබුනා..

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now