😈chapter 5😈

2.2K 460 99
                                    

Chapter 5

👈

"ඔයා හිතන දේමයි මාස්ටර් ලියො.. මෙතන මිනී මැරුමක් උනා නම්.. ඒකේ ප්‍රධාන සැකකාරයා වෙන්නේ තමුන් මිස්ටර් වන්ග් යීබෝ.... "

ජාන් කිව්වේ නැගිටලා යීබෝට ඇගිල්ල දික් කරලා...

👉

😈🔎😈🔎😈🔎😈🔎🔎😈🔎😈🔎😈🔎😈

ජාන්ගේ තියුණු ඇස් දකිද්දී යීබෝට ආයෙත් කෙල ගිලුනේ ඉබේමයි.. එයා ඒක කලේ නෑ කියලා කියන්න ඕනි උනත් ජාන් මේ වෙනකොටත් කියපු ගොඩක් දේවල් එක්ක වැරද්ද එයාගේ පිට පැටවිලාදෝ කියලා සැකයක් යීබෝටත් ආවා..

යීබෝගේ මූණෙ තියෙන හැඟීම් ආයෙත් සියුම්ව පරීක්ෂා කරපු ජාන් කට කොනකින් හිනා උනා.. ජාන් අත් දෙක පිටිපස්සේ බැඳගෙන හෙමීට කාමරේ එහාට මෙහාට කැරකුනේ යීබෝ තවමත් අත් දෙක එකට තද කරන් බිම බලන් ඉද්දී..

"මාස්ටර් ලියෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මාස්ටර් ලියෝ... තමුන්ගේ පියාගේ මරණෙන් පස්සේ තමුන් හිතුවා මේක කාට හරි සැක හිතුනොත් ඒක පරීක්ෂා කලොත් තමුන්ව නිකන්ම මේකට අහු වෙනවා කියලා.. ඉතින් තමුන් මරණෙ උන ගමන් තමුන්ම ඉඳිරිපත් වෙලා මගේ ලඟට ආවා..."

"මේක කිසි කෙනෙක් බැලූ බැල්මට හිතන් නෑ මිනී මැරුමක් කියලා.. ඕන කෙනෙක්ට පේනවා මේක සාමාන්‍ය මරණයක් කියලා.. ඒත් මිස්ටර් ලියෝ තමුන් දන්නවා මේක මිනී මැරුමක් කියලා.. මොකද... මිනිමරුවා තමුන්මයි මිස්ටර් ලියෝ.... "

"ජා....න්....... "

ජාන් කියාගෙන යද්දී මෙච්චර කට වහන් හිටිය යීබෝ කෑ ගැහුවේ කේන්තියෙන්..

"ශ්.... ශ්... මාස්ටර් ලියෝ... මං තාම ඉවර නෑ.. ටිකක් ඔහොම ඉන්න කලබල නැතුව.. මාස්ටර් ලියෝ මගේ ලඟට ඇවිත් කිව්වේ මේක මිනී මැරුමක් කියලා සැකයි කියලා.. ඒත් ඒ අන්තිම මොහොතේ කියපු යැන්ග් කියන නම නිසා.. මේක මිනි මැරුමක් කියන්න මාස්ටර් ලියෝට තිබුන එකම හේතුව ඒක... එහෙම නේද..... නැත්නම් වෙන හේතු තියෙද.... "

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now