😈Chapter 30😈

2.1K 362 93
                                    

Chapter 30

👈

"මාත්.. ගොඩක් ආදරෙයි මගේ හස්බන්ඩෝ.."

ජාන් කියද්දී යීබෝ හිනා වෙලා ජාන්ගේ හිස් මුදුනෙන් ගණන් කරන්න බැරි තරම් සිපුම් තියද්දී ජාන්ට නින්ද ගියා.. යීබෝ ඔරලෝසුව බැලුවා හතරවටෙන් ඉර එලිය නම් සැරටම පායලා තිබ්බා.. වෙලාව උදේ අටයි.. යීබෝගේ මූණට හිනාවක් එද්දී යීබෝත් ජාන්ව තුරුල් කරන් නිදාගත්තා..

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

රෑ ගෙදරින් එලියට ගියාට පස්සේ කුවාන් ආයේ ගෙදරට ආවේ උදේ අටට විතර.. සේවකයන්ටත් එන්න කියලා උදේ කෑම හදන්න කියලා දැන් මේ බලන් ඉන්නේ යීබෝයි ජානුයි කන්න එනකන්..

උදේ 9 , 10, දැන් 12.30ත් පහු වෙලා තිබුනත් තාම දෙන්නාගෙන් එක්කෙනෙක්වත් පහලට ආවේ නෑ.. උදේ කෑම අයින් කරලා දැන් දවල්ටත් උයන්න ලෑස්ති කරවන්න වෙලා නිසා ඊට කලින් කුවාන් යීබෝට කෝල් එකක් ගත්තා..

විසි දෙනෙක්ගෙන් විතර ගුටි කාලා වගේ ඇගේ පතෙ තිබුන අමාරුවත් එක්කම යීබෝ වගේම ජාන් හිටියේ තද නින්දක...

එක පාරට යීබෝගේ phone එක රින්ග් වෙද්දී දෙන්නාටම ඇහැරුනත් ඇස් අරින්නේ නැතුවම චුට්ටක් එහෙට මෙහෙට වෙලා ආයේ නිදාගත්තා..

ඒත් ටිකකින් ආයේ phone එක රින් වෙද්දී ජාන් කෙඳිරියක් එක්කම කොට්ටේ අරන් ඒකෙන් ඔලුව වහගද්දී යීබෝට යකා ආවේස උනා..

"මොන හු%$# "

යීබෝ ඇස් අරින්නේ නැතුවම අත එහෙ මෙහෙ යවලා phone එක හොයාගෙන බලන්නේ නැතුව අන්සර් කලා.. "

"මොම මඟුලක්ද යකෝ මේ උදේ පාන්දර වද දෙන්නේ...?? "

රින්ගින් ටෝන් එකෙන්ම ඒ කුවාන් කියලා දන්න නිසා යීබෝ කෑ ගැහුවා...

"මාස්ටර් දැන් 12.30ත් පහු වෙලා.. "

"මොකා..ක්..??? ආහ්.. ඔව් වෙන්න පුලුවන්.."

යීබෝ කිව්වේ එයාලා නිදාගත්තේ අටත් පහු වෙලා කියලා මතක් උන නිසා.

"මාස්ටර් මං උදේ කෑම අස් කරන්න හැදුවේ.. දැන්ම එනවද...?? "

"අස් කරපන්.. ලන්ච් හදන්න කියන්න.. සැර නැතුව බර ජාතියක් මොනා හරි.. අපි තව පැයකින් දෙකකින් එන්නම්.. "

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now