😈Chapter 11😈

2.2K 404 160
                                    

Chapter 11

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"එහෙනම් යීබෝ මගෙ සහයකයා විදිහට පලවෙනි වැඩේ පටන් ගන්න ලෑස්තිද... "

ජාන් නැගිටලා අහද්දී යීබෝත් පුටුවෙන් නැගිට්ටා...

"ම්න් යමූ.... "

යීබෝ කියද්දී කට කොනින් හිනා උන ජාන් එලියට යද්දී යීබෝත් ජාන් එක්ක ගෙදරින් එලියට බැස්සා....

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

"මාස්ටර්..... කොහෙද යන්නේ.... "

එළියට බැහැලා ගිහින් යීබෝ ජාන් එක්ක බෝට් එකට නගින්න හදද්දී කුවාන් ඇහුවේ දුවගෙන ඇවිත්...

"ආ... අපි දෙන්නා පොඩ්ඩක් එලියට යනවා කුවාන්.. "

"මාත් එන්නම් මාස්ටර්... "

"නෑ එපා කුවාන්... "

"ඒත්.... "

කුවාන් කියන්න ගිය දේ නතර කලේ යීබෝ රවලා කුවාන් දිහා බලද්දී....

ජාන් බෝට් එකට නගිද්දී යීබෝත් නැගලා එතනින් පිටත් උනා... බෝට් එකෙන් බැහැලා යීබෝ එයාගේ කලු අවුඩිය ගනිද්දී ජාන් අනිත් සීට් එකෙන් වාඩි උනා...

"ජාන්... "

"ම්න්.. "

"මට නම් මෙහෙම යන එක ප්‍රශ්නයක් නෑ ජාන්.. මොකද මං අවුරුදු විසිපහක් හිටියේ ඉතාලි වල... මිනිස්සු මාව නමින් දැනගත්තට මාව අඳුරන් නෑ.. ඒත් ඔයාව දන්නවනේ.. "

යීබෝ එයාගේ ප්‍රශ්නේ ඇහුවේ කාර් එක drive කරන ගමන්..

"යීබෝ මාව හැම කෙනාම අඳුරන්න මං නලුවෙක් නෙමෙයිනේ... පෝසත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ තුන් වෙනියා... ඒක හැමෝටම වැදගත් නෑ යීබෝ... ඒක අදාල වෙන්නේ ඒ සමාජ පන්තියේ අයට විතරයි.... "

"ම්න්.. එතකොට දැන් යන තැන... ඒක ගැන මොකද කියන්නේ ජාන්.. "

"මෙහෙමයි යීබෝ පොලිස් නිලධාරී කිහිප දෙනෙක් මාව දන්නවා.. මං කේස් එක භාරගත්තොත් එයාලා ඒ කිට්ටුවටවත් මීඩියා වලට එන්න දෙන් නෑ මං එනකන්.. ආරක්ෂාව තර කරනවා... "

"ම්න්.... "

"යීබෝ මේ මාස්ක් එක දාගන්න... මොකද අපි මේ යන්නේ ප්‍රසුද්ධ නිලියකගේ මිනී මැරුමක් ගැන බලන්න... අපිට අවදානමක් ගන්න බෑ.... පැපරාසි වැහි වැහැලා ඇති... කොහේ හරි කැමරාවකට අපේ මූණු අහු වෙන්න පුලුවන්....."

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now