😈chapter 25😈

2K 377 110
                                    

Chapter 25

👈

"යීබෝ... "

ජාන් කිව්වේ යීබෝගේ ඔලුව අතගාන ගමන්..

"ම්න්.... "

"මං හෙට lionsලාගේ counselor හම්බෙන්න යනවා.... "

👉

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

ජාන් කියද්දී පපුව උඩ නිදාගෙන හිටිය යීබෝ ඔලුව උස්සලා බැලුවේ ජාන් දිහා...

"මොකක්ද..... "

"හ්ම්.... "

"තමුසෙට පිස්සුද..... "

"බය වෙන්න දෙයක් නෑ යීබෝ... "

"මොකක්ද දැන් බය වෙන්න දෙයක් නැත්තේ..... "

"මං යන්නේ detective sean විදිහට.. don't worry... "

"යකෝ තමුන්  මෝඩයෙක්ද ජාන්.. දැන් තමුසේ අපේ underboss.. එතන්ට ගිහින් එකෙක් හරි උබව අඳුරගත්තොත්... මෝඩ වැඩ කරන්න එපා.. "

"නෑ... උන් පොරොන්දු උනා.. මගේ මූණ පෙන්නන් නෑ කියලා මං උන්ට කියලා තියෙන්නේ.. උන්ට ඒක ප්‍රශ්නයක් නෑ.."

"එපා...ආයේ මට කියන්න තියන්න එපා ජාන්... එපා...... "

"යීබෝ ඒත්.... "

"ශ්..... ආයේ ඒ ගැන කතාවක් නෑ.. තමුසේ යන්නේ නෑ.. එච්චරයි.... "

"යී....."

"කට පියාගෙන නිදාගන්නවා ජාන්... "

යීබෝ ඉන්නේ කේන්තියෙන් කියලා දන්න නිසාම ජාන් මුකුත් නොකියා කට ඇඳ කරලා යීබෝට රවන ගමන් ජාන් එහෙන්ම නිදාගත්තා...

.
.

උදේ මුලින්ම ඇහැරුනේ යීබෝ.. රෑට කොච්චර තුරුල් වෙලා නිදාගත්තත් කවදාවත් උදේ නැගිටිද්දී නම් දෙන්නා එහෙම හිටියේ නෑ...

දෙන්නා හිටියේ දෙවිදියකට දෙපැත්තක.. ඕක ඉතින් හැමදාම වගේ සාමාන්‍ය දෙයක්..

යීබෝ ඇහැරෙද්දී ජාන්ගේ ඔලුව තිබුනේ පහල.. ජාන්ගේ එක කකුලක් යීබෝගේ ඇඟ උඩින් දාගෙන හතර ගාතේ දාලා කටත් ඇරගෙන නිදි....

යීබෝත් ලොකු වෙනසක් තිබ්බේ නෑ.. යීබෝගේ එක කකුලක් තිබ්බේ ජාන්ගේ පපුව උඩ...

"රෑ තිස්සේ මොකට පහලට යනවද මන්දා.. මේකගෙන් මගේ තුවාලේ බේරිලා තියෙන එකම ලොකු දෙයක්.. අනිත් උන් ඇහැරෙද්දී ලස්සනට පපුවට තුරුල් වෙලා නිදාගෙන ඉන්නේ ඒකට මේකා.. morning kiss එකක්වත් දෙන්න හිතෙනවද ඉතින්.. මොනා කරන්නද මගේනේ ඉතින් මේ කපටි පණ්ඩිතයා... "

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now