😈Chapter 33😈

1.6K 347 144
                                    

Chapter 33

👈

"ඔයත් පරිස්සමින් මහත්තයෝ.. "

ජාන් කිව්වේ යීබෝගේ නලලින් සිපුමක් තියලා.. යීබෝ ලාවට හිනා වෙලා ජාන්ගේ තොල් වලින් පොඩි කිස් එකක් තියලා කුවාන් එක්ක බෝට් එකට නැගලා දුරට යනකන් ජාන් බලන් හිටියා..

බෝට්ටුව නොපෙනෙන මානෙට යද්දී ජාන්ගේ කට කොනට ආවේ ලා හිනාවක්..

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"පුතේ.... සුදු පුතා ඉක්මනට එයි... "

"ඔව් මමා අනිවාර්යයෙන්ම එයා එයි.. හැබැයි....... "

ජාන් ආයේ කට කොනකින් හිනා උනා...

"ලෙලේ අන්කල්... ඔයාව කාලෙකින් දැක්කේ... "

"ඔව් මිස්ටර් ජාන්.. මං ඉතින් silver palace එක බලාගෙන හිටියා.. මාස්ටර් වන්ග් නැති උනාට පස්සේ ඉදන් ඒකත් බලාගන්න ඔනිනේ.. යිබෝ බේබි මට ඒක බලාගන්න කිව්වා.. "

"ම්න්.. තාම මේරිලා එහෙම වැඩද එහේ..."

"ඔව් මිස්ටර් ජාන්.. "

"ම්න්.. "

ජාන් කට කොනකින් හිනා වෙලා ගේ ඇතුලට ගියා...

"මං පොඩි වැඩක් කරන්න යනවා.. ලන්ච් එන් නෑ.."

ජාන් එහෙම කියලා gold spinner එකත් කරකවලා phone එකත් අරන් සාක්කුවට දාගෙන හැදුවේ ගෙදරින් එලියට යන්න..

"මිස්ටර් ජාන්.. ඉන්න මාත් එන්නම්.. "

"නෑ එපා ලෙලේ අන්කල්.. ඔයා ගෙදර ඉන්න.. මං එන්නම්.. "

"ඒත්.. යීබෝ බේබී..... "

"එයා මාව තනියෙන් යවන්න එපා කිව්වට මං බබෙක් නෙමෙයිනේ ලෙලේ අන්කල්.."

ජාන් එහෙම කියලා කවුරුත් කතා කරන්නත් කලින් ගෙදරින් එලියට ගියේ අර පොතයි මැප් දෙකයි දාගත්ත පොඩි බොක්ස් එකකුත් අතින් අරන්...

.
.

ආයේ ජාන් ගෙදර එද්දී රෑ වෙලා තිබුනා.. උදේ ගිය විදිහට නෙමෙයි ජාන් ගෙදර ආවේ.. පිස්සෙක් වගේ.. කොණ්ඩේ ඇවිස්සිලා ටයි එක භාගෙට ගැලවිලා ගිහින් කෝට් එකත් කරේ එල්ලන් විතරක් නෙමෙයි හොඳටම බීලත් හිටියා..

HIDDEN DEVILS 😈🔎 (Completed) Tahanan ng mga kuwento. Tumuklas ngayon