04. කොටස

932 96 8
                                    

වගිශ ටියුබ් දෙක ගෙනාවට පස්සෙ මල් කඩලා, විල් එක්ක පන්සලට යැව්වා, දෙව්ලු අයියයි විහග අයියයි බැම්ම උඩට වෙලා බට්ටෝ කැවා අපි මල් කඩන දිහා බලන්,

"මස්සිනෝ......"

"ඇයි.. මොකෝ......"

"හොද කොල්ලා වගෙ තව බට්ටෝ දෙකතුනක් කඩලා දෙනවකෝ......."

"විසාල කරදරයක් උනානේ අප්පා මෙක......."

අපරාදෙ මන් මුන් දෙන්නට බට්ටො කන්න පුරුදු කරේ, ආයෙත් මන් වැවට බැහැලා  බට්ටො කඩන්න ගත්තා, හැබැයි මන් ගොඩට ගියේ නැ වැව මැද හිටගෙනම උන්ට පෙන්න බට්ටෝ කෑවා, ඇයි යකොව්. මෙක හරි වදයක් උනානේ.

"අඩෝ මල්ලි තනියම කන්න එපා බන්..... අපිටත් දිපන්......."

"ඔන්නම් වැවට බැහැලා කඩා ගන්න......."

"අනෙ සහස් මට විතරක් එක බට්ටෙක් දෙන්නකෝ......"

අනේ ඉතින් ඔයා ඔහොම ඉල්ලුවම කොහොමද අප්පා නොදි ඉන්නෙ මන් ගොඩට ඇවිත් කඩා ගත්ත ඔක්කොම බට්ටො ටික දෙව් අතට දුන්නා, මස්සිනා කාරයා කට ඇරන් බලන් ඉන්නවා, මොකද මු ඉල්ලුවම මන් බැ කිව්වනේ.

"අඩෝ මු නෙවෙයි උබෙ මස්සිනා......"

"හරි ඉතින් ඔයානේ..... මන් එක දන්නවා....."

"එහෙනම් උබ මන් ඉල්ලුවම බැ කියලා මු ඉල්ලුවම ඌට දුන්නෙ......"

"ඔව් ඉතින් ඔයා මගෙ මස්සිනා විතරයිනෙ... ඔයා අයිති අක්කටනේ......."

"එතකොට දෙව් අයිති උබටද......"

"ඔව් ඉතින් එයා අයිති මට....."

"ඒ බන් දෙව් උබව අයිති මුටද?"

"වෙන්න ඇති බන්......"

"අහ් එ පාර දැන් උබත් එහෙමද..... හරි හරි ඔහොම යන්කෝ....... උබ කොහොම හරි මගෙ අහිංසකයව බට්ටො දිලා අල්ල ගත්තනේ පොඩි එකෝ....."

විහග අයියගේ කන් කෙදිරියාව අහන් අපි ආය ගෙදර ආවා, ගෙදර ඇව්ත් නාලා, සුදු ට්‍රව්සර් එක්කට අත් දිග සුදු පාට ශර්ට් එකක් ඇදලා, මාත් පන්සල් යන්න ලැස්ති උනා, අම්මියි, අප්පච්චිනම් ගෙදර ඉන්නම් කිව්වා, මන් කාමරෙන් එද්දි අක්කා ලැස්ති වෙලා කැම කාමරෙට වෙලා ලොකු මල් වට්ටියකට මල් හදනවා, අයියලා දෙන්නම සාලේ අප්පච්චි එක්ක කතාවක්ද කොහෙද සද්දේ ඇහෙනවා, අම්මා කුස්සියේ උයනවා,

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now