05. කොටස

891 107 11
                                    


දෙව් අයියගෙන් ආවා කොල් එක කට් උනත් එක්කම මන් ඇදෙන් පැනලා දුවලා අප්පච්චිව හොයන් ගියා. දෙයියනේ මන් ඔය මනුස්සයෝ දෙන්නට කිව්වා, අද ඉදලා යන්න කියලා, කොහෙද ඉතින් ඇහුවේ නැනෙ, අනෙ එයාලට මුකුත් වෙලානම් තියෙන්න එපා.

"අප්පච්චී!!!!..."

"අප්පච්චි...... අප්පච්චි......."

"මොකද කොල්ලො කැ ගහන්නෙ....."

"අනේ අප්පච්චි...... විහග අයියලා ගියපු කාර් එක ඇක්සිඩන්ට් වෙලාලු අප්පච්චි......."

"අනේ දෙයිහාමුදුරුවනේ........"

"අනේ අපි ඉක්මනට යමුකෝ අප්පච්චි......."

"දුව මට කාර් කී එක ගෙනත් දෙන්න......."

"අනේ කොල්ලෝ දෙන්නට කරදරයක් නැතුව ඇතිනේ......  ඉදලා යන්න කියද්දිනේ ඔය ගියේ......."

අප්පච්චි ඉක්මනට කාමරෙට ගිහින් ශර්ට් එකක් දාන්, ඇවිත් අක්කා ගෙනත් දුන්න යතුර අරන් යන්න ලැස්ති, උනා අක්කයි, අම්මයි හොදටම බය වෙලා, එ දෙන්නා විතරක් නෙවෙයි මාත් මේ බය වෙලා ඉන්නේ

"ශාමලී දුව එක්ක ගෙදර වෙලා දොර වහන් ඉන්න..... මම පුතයි ගිහින් බලලා එන්නම්........"

"අනේ මල්ලි..... එයලාට කරදරයක් නැත්නම් කොල් එකක් දෙන්න හරිද......."

"හරි අක්කේ........"

මම අප්පච්චි එක්ක ඉක්මනට කාර් එකට නැගලා අයියාලා බලන්න ගියා.

"කොයි හරියේ කියලද කිව්වේ කොල්ලෝ......."

"විජේ මාමාගෙ කඩෙ පහු කරාම හම්බෙන  හන්දිය ළඟ කියලා කිව්වේ අප්පච්චි....."

මම අප්පච්චි එතනට යනකොට කට්ටිය වටවෙලා, මන් කාර් එකෙන් බැහැලා දුවලා ගිහින් බැලුවා, අයියලා දෙන්නා කෝ කියල, දෙයියනේ අයියාලා ආපු කාර් එක ගහක හැප්පිලා ඉස්සරහා ගන්න දෙයක් නැ, එ දෙන්නා පෙන්නත් නැ, අනේ එයා කොහෙද දෙයියනේ, එයාට තුවාල වෙලාද, අනේ ඔයාට මොනාහරි උනාද දෙව්, ඔයා කොහෙද දෙයියනේ  මන් ආවා දෙව්, ඔයාව බලන්න මන් ආවා, ඔයා කොහෙද, ශිහ් එයාට අමාරු වෙලා හොස්පිටල් එකටවත් අරන් ගියාද, නැනෙ කතා කරද්දී එච්චරයි ලොකු අමාරුවක් පෙන්න තිබ්බෙ නැනෙ,

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now