"අම්මා......"
"මොකද දෝණි කැ ගහන්නේ....."
"අම්මා මන් අයියා එක්ක පන්සල් ගිහින් එන්නද.... චතුත් එක්කම...."
"අහ් ඔව් එකත් හොඳයි චතු දුවත් දැන්ම ඉදලා ගමට හුරු වෙන්න එපැයි... හරි එහෙනම් තුන්දෙනාම ගිහින් එන්නකෝ...."
කටත් ඇද සදලි ආපහු හැරිලා චතුටත් ඔනිවට එපාවට පන්සල් යන්න ලැස්ති වෙන්න කියලා එයත් ලැස්ති වෙන්න ගියා. සිතුකත් නිල් පාට කලිසමකට අත් දිග සුදු ශර්ට් එකක් ඇදලා ලැස්ති වෙලා එලියට ආවා.
"යමු සුදු අයියේ....."
ලැස්ති වෙලා ආව චතු හිනා විගෙන ඇවිත් සිතුකගෙ අතේ එල්ලුනා. වෙලාවකට සිතුකටත් පුදුමයි චතු සිතුකගෙ හැගිම් ගැන දැන දැන එයාට කෙල්ලෙක් වෙනුවෙන් හිත යන්නෙ නැ කියලා දැනගෙනත් මේ විදිහට එයාගෙ ඇගේ එල්ලෙන්න හදන එක.
"අහ් මේ මොකද මේ.... පන්සල් යන්නෙ බුදුන් වදින්න මිසක් මගුල් නටන්න නෙවෙයිනේ.... ඔහොම ඇගේ එල්ලිලා ඉන්නෙ නැතුව පැත්තට වෙලා ඉන්නවකෝ...."
සුදු මල් වට්ටියක් උස්සන් ආව සදලි එහෙම කිව්වේ චතු අල්ලන් ඉන්න සිතුකගෙ අත ඇදලා අර ගන්න ගමන්.
"ඉතින් මන් එල්ලුනේ මන් බදින්න ඉන්න කෙනාගෙ ඇගෙනේ සදු.... අනික ඇයි ඔයා මට මෙහෙම කැ ගහන්නේ.... මම නිකම් ඔයාට වැරැද්දක් කරලා වගෙනේ...."
"අයිතියක් නැ කියලා දැන දැන මිනිස්සුන්ගෙ ඇගෙ බලෙන් එල්ලෙන්න යන උන්ව මට පෙන්න බැ එකයි...."
කටත් ඇද කරලා සදු එහෙම කිව්වේ එයාටයි සිතුකටයි විතරක් ඇහෙන විදියට.
"මොකක්ද සදු කිව්වේ..."
"අහ් නැ මුකුත් නැ.... පන්සලකට යනකොට පිලිවෙලකට යනවා.... මෙහෙම ඇගෙ එල්ලිලා යන්න ගියොත් මිනිස්සු හිතයි පන්සල් නෙවෙයි වෙන මගුලක යනවා කියලා.... එන්න අයියේ යන්න..."
අතේ තිබ්බ මල් වට්ටිය සිතුකගෙ අතකට දිලා අනිත් අතේන් සදලි අල්ල ගත්තෙ කොහොමත් චතුට මල් වට්ටිය තියෙන අතේ එල්ලෙන්න බැරි නිසා. එත් චතු එ අතින් අල්ල ගන්න යද්දි සිතුක කතා කරා.