27. කොටස

616 66 8
                                    

"නිමල්......."

"එහෙනම් බෙබි හාමුට මාව මතකයි....."

දෙයියනේ ඒ හිටියේ සිතුගේ යාලුවා නිමල් මම ආව සතුටටම ගිහින් නිමල්ව බදා ගත්තේ. නිමලුත් හිනා වෙවි මාව ආපිට බදා ගන්නකොට

"ඔයා වයසට ගිහින් නිමල්......."

ටික්කින් නිමල්ගෙන් ඇත් උන මන් එයා දිහා බලන් එහෙම කිව්වා.

"මොනා කරන්නද මිස්ටර් දෙව් ලොකේ සොබාවෙනේ....."

"ඔහ් හරිනම් මන් දැන් අංකල් කියලා නෙද කියන්න ඔනි......"

එක ඇහුන ගමන් ඩොක්ටර් මුන එල්ල ගත්තත් පස්සෙ අපි දෙන්නම මම කියපු කතාවට හයියෙන් හිනා උනා.ටිකක් වෙලා කතා කර කර හිටියට පස්සෙ කෙනෙක්ව පෙන්නන ඔනිම කියලා බල කරලා ඩොක්ටර් මාව එයාලගෙ ගෙදර එක්කන් ගියා. මම එයාට නිමල් කියන්නද ඩොක්ටර් කියන්නද කියලා හිතා ගන්න බැරිව කාර් එක ඩ්‍රයිව් කරන ගමන් කල්පනා කරන්න ගත්තා. එයා මට මිස්ටර් දෙව් කියන නිසාම මමත් ඩොක්ටර් කියනවා කියලා හිතලා තිරණය කරා. ඩොක්ටර් එයාගෙ කාර් එක එර්පාමන්ට් එකක් ඉස්සරහා නැවැත්තුවම මමත් එ ලගින්ම මගෙ කාර් එක නවත්තලා ඩොක්ටර් එක්කම එපාර්මන්ට්  ඇතුලට ආවා. ලිෆ්ට් එකෙන් ඇවිත්  තුන්වෙනි තට්ටුවේ තියෙන ගෙදරක  දොරත් ඇරන් ඩොක්ටර් ඇතුලට ගියේ මටත් එන්න කියාගෙනම.

"බබි ඔයා ආවද...."

ඩොක්ටර් ඇතුලට ගිහින් ඉද ගන්නකොට ගැනුකෙන් කිචන් එක පැත්තෙ ඉදලාද කොහෙද කැ ගහලා ඇහුවේ ඩොක්ටර් මටත් ඉද ගන්න කියලා එයාගෙ බැග් අනම් මනම් ටෙබල් එකෙ තියද්දි.

"ඔව් සුදු මම මගෙ පෙශන්ට් කෙනෙකුත් එක්කන් ආවා..... අපිට බොන්න මොනාහරි අරන් එනවද....."

"ඔකෙ ටු මිනිට්ස් දෙන්න බබි....."

ඩොක්ටර් එ ලෙඩි එක්ක කතා කරලා  මගෙ පැත්තට හැරිලා ඉද ගත්තා.

"ඩොක්ටර් කලින් ඉදන්ම මන් ගැන දැනන් හිටියද....."

"ඔයා මන් ලගට ආව පලවෙනි දවසෙම ඔයාගෙ හැඩරුව නිසා මම ටිකක් පුදුම උනා...... පස්සෙ මම හිතුවේ එ හැඩරුව තියෙන වෙන කෙනෙක් වෙන්න ඇති කියලා..... එත් ඔයා මට ඔයාගෙ කතාව කිව්වට පස්සෙ මට ඉතින් ඔයා බෙබි හාමුද කියලා සැකයක් ආවා..... පස්සෙ ඉතින් ඔටා නිතරම ඉස්සර ක්ලිනික් ආවම මට එක තහවුරු උනා........"

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now