25. කොටස

579 63 10
                                    






කාටත් හොරා බෙබි හාමු සිතුව එක්කන් ආවා. ගෙදරින් පාරට ආවම තමා බෙබි හාමු ඇවිත් තියෙන්නේ වාහනයක නෙවෙයි කියලා සිතුකට තෙරුනේ. ඒ ඇයිද කියලා අහන්න හිතුනත් එකටත් හෙතුවක් ඇති කියලා හිතන් සිතුක බෙබි හාමු එක්කම ඉස්සරහට යන්න ගත්තා. වැව ලගට එනකම් ආව බෙබ් හාමු කෙලින්ම ගියේ එතන නවත්තලා තිබ්බ විල් එකක් ලගට.

"වජිර?...."

"වෙලා නැ සිතු ඉක්මනට නගින්න...."

කාර් එකෙ ඇවිත් යන එක කවුරුත් දකි කියලා හිතලා නිමල්ට කියලා වජිරව කතා කරන් තමා බෙබි හාමු ඇවිත් තිබ්බේ. නවත්තලා තිබ්බ විල් එක වජිරගෙ කියලා දැන ගත්ත සිතුකට එයා ගැන කලකිරිමක් දැනුනා. පොඩි කාලෙ ඉදන් එකට හිටිය යාලුවට මේ සම්බන්ධය ගැන කිව්වේ නැ නෙද කියන පසු තැවිම ඇති උනා. වජිර දිහා සමාව ඉල්ලන පෙනුමකින් බලන් හිටිය සිතුකට බෙබි හාමු ඉක්මන් කරන්න කිව්ව නිසාම ඉක්මනට විල් එකට නැන්ගා.

"වජිර මන්...."

"එකට කමක් නැ සිතු මන් මේ ගැන දන්නවා.... මට කිව්වේ නැ කියලා මට ඔයා එක්ක තරහක් නැ.... දැන් එ ගැන හිතන්න එපා...."

දැන්වත් වජිරට කියලා සිතෙට දැනෙන අපහසු අයින් කර ගන්න සිතුක හිතුවත් ඉස්සරහා බලන්ම විල් එක අරන් යන වජිර එහෙම කිව්වම හුස්මක් පිට කරලා සිතුක බෙබි හාමු දිහා බැලුවා. සිතුකව ලගට අරන් බෙබි සිතුකගෙ නලලට හාදුවක් තිබ්බේ වජිර සයිඩ් කන්නාඩියෙන් එයලා දිහා බලන් ඉන්නවා කියලා දැන දැනම. මොකද වජිර සිතුකට කැමති කියලා බෙබි හාමු තෙරුම් අර ගත්තේ අද ඊයෙක නෙවෙයි. ඉතින් සිතුකගෙ අයිතිය තමන්ගෙ කියලා පෙන්නන්නම තමා බෙබි හාමු එහෙම කරේ. බෙබි හාමු එක්ක හිනා උන සිතුක බෙබි හාමුගෙ අතක් අල්ලන් උරහිසට ඔලුව තියා ගත්තා. මේ හැමදේම වජිර බලන් හිටියේ හැගිමක් නැති ඇස් වලින්.

"වජිර මේ කොහෙද යන්නේ....."

"අහ් මේ පැත්තෙන් ලගයි.... සිතුක යනවා කවුරු හරි දැකලා හොයන් ආවොත් එකයි මන් මේ පැත්තෙන් ආවේ...."

රබර් කැලෙ පාරට විල් එක හරවනකොට සිතුක ඇහුවේ ටව්න් එකට යන්න මේ පැත්තට යන්න ඔනි නැ කියලා දන්න නිසා. කෙටි පාරක් තියෙනවා කිව්වත් සිතුක කල්පනා කරෙ එයා නොදන්න කෙටි පාරක් මෙ පැත්තෙ තියෙන්න පුළුවන්ද කියලා. සමහරවිට වජිර හයර් යන නිසා දන්නවා ඇති කියලා හිතුව සිතුක ආයෙත් බෙබි හාමුගෙ උරහිසට ඔලුව තියාගෙන බෙබි හාමුට තුරු උනා. බෙබි හාමුත් පොඩ්ඩක් වට පිට බැල බල ගියේ කොහෙද මේ යන්නෙ කියලා හිතන ගමන්. රබර් කැලේ පාරෙ ටිකක් දුර ගිය විල් එක එක පාර පාරෙ මැද නැවැත්තුවම සිතුක වගෙම බෙබි හාමුත් එ ඇයිද කියලා බැලුවා.

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now