29. කොටස

688 67 7
                                    




දීර්ඝ සිප ගැනිමකට පස්සෙ මගෙ තොල් වලින් ඇත් උන එයා එයාගෙ ඇගිල්ලකින් මගෙ තොල් හිමිහිට පිහ දැම්මා. තොල් දැවිල්ලයි පුපුරු ගහනවා. අනිවාරෙන් රතු වෙලා ඉදිමිලා ඇති. මගෙ තොල් දිහා බලන් හිටිය දෙව් මගෙ ඇස් දිහා කෙලින් බැලුවා.

"එක මගෙ පලවෙනි කිස් එක සහස්......."

"මගෙත්........ එත් හැබැයි ඔයා කිස් කරපු විදිහටනම් මට එහෙම හිතුනේ නැ........"

එක එයාගෙ පලවෙනි හාදුවලු ඉතින් දෙයියනේ මගෙත් එහෙම තමා. මමත් මේ ආවට ගියාට එක එකාගෙ කට කන්න ගියේ නැනේ. හැබැයි මුන්දා කිස් කරේ හෙන පලපුරුදු කාරයෙක් වගේ.

"ඔයා මට ආදරෙයි කිව්ව එක හිනයක් වගෙ සහස්......"

"එත් ඉතින් ඔයා මට කිව්වේ නැනේ....."

"මොකක්ද?......."

"නැ නැ මුකුත් නැ..... කෝ අයින් වෙනවා ගිහින් ඉද ගන්න......"

ඇත්තනේ ඉතින් මම ආදරෙයි කිව්වට මේ මිනිහා එක කිව්වෙ නැනේ ම්හුක්. මම එයාටත් ගස්සන් ගිහින් ආපහු වැව් බැම්මෙ කකුල් දිග ඇරලා වතුරට කකුල් දාන් ඉද ගත්තා. එයත් බෙල්ල පිටි පස්සේ කස කස මහා මනමාල හිනාවක් දාන් ඇවිත් මන් ලගින් ඉද ගත්තා.

"මොකද තවුසේ හිනා වෙන්නේ....."

"නැ නැ බන් නිකම්....."

"නිකම්නම් රෙදි ඇද ගන්නවා..... නැත්තම් වැවට එන ගැනුන්ට නූල් බදින්න වෙයි......."

"සහස්ටත් නූල් බදින්න වෙයිද......"

"ඈ ඇයි මට නුල් බදින්න වෙන්නේ......."

"නැ ඉතින් දැන් ආදරෙයිත් කිව්ව එකේ...."

"ඔව් ඉතිම් ආදරෙයිත් කිව්ව එකේ මොකක්ද...... හොව් හොව් පොඩ්ඩක් ඉන්නවා..... මට හිතෙන එක ගැනද දැන් තවුසෙ ඔය කිව්වේ දෙව්......"

"මොනවද ඔයාට හිතුනේ සහස්......"

තොල අගත් හපන් දෙව් මට මහා වලත්ත බැල්මක් දුන්නා මගෙ ඇගත් හිරි වැටිලා ගියා.

"තමුසෙ මහා වලෙක්නේ බලන් ගියාම දෙව්....."

"මට ලාදුරු නැනෙ සහස්....."

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now